හම්බන්තොට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාලයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් සමතයකට පත් කිරීම සඳහා නාවික හමුදාව අහසට වෙඩි තබා තිබේ.
පොලීසිය සඳහන් කළේ හම්බන්තොට මුහුදේදී ධීවර බෝට්ටු දෙකක් අනතුරට පත්වීමට අදාළ සිදුවීමක් මුල් කරගනිමින් අද උදෑසන හම්බන්තොට වෙරළ ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් හා ධීවරයින් අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි.
එය දුරදිගගොස් ගැටුමක් බවට පරිවර්තනය වී ඇති අතර පිරිස විසුරුවා හැරීම සඳහා නාවික හමුදාව අහසට වෙඩි තබා තිබේ.