• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලර් බිලියන 10 බඩු සූවස් ඇළේ හිරවෙයි! ලංකාවේ බඩු මිල ඉහළට!! අපනයනවලටත් බලපෑම්!!!

March 26, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ඩොලර් බිලියන 10 බඩු සූවස් ඇළේ හිරවෙයි! ලංකාවේ බඩු මිල ඉහළට!! අපනයනවලටත් බලපෑම්!!!
Share on WhatsAppShare on Facebook

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීම හේතුවෙන් සූවස් ඇළ සැපයුම් මාර්ගයේ ඇති වී තිබෙන අවහිරතාවය හේතු කොට ගෙන ඉදිරියේ දී භාණ්ඩ මිල ගණන් හි ඉහළ යාමක් අනිවාර්යෙන් සිදුවිය හැකි බව කොළඹ නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ මහතා පවසයි.

එසේම ශ්‍රී ලංකාවෙන් යුරෝපය, ඇමරිකාව ඇතුළු කලාපය වෙත සිදුකරන පළතුරු, මත්ස්‍ය අපනයනවලට මේ හේතුවෙන් බලපෑමක් ඇතිවිය හැකි බවත් ඒ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“මෙය මුළු ලෝකයේම වෙළෙඳාමට බලපාල තියෙනවා. මේ වෙන කොට ඩොලර් බිලියන 9.6 ක භාණ්ඩ එම නැව් මාර්ගයේ හිරවෙලා තිබෙනවා. ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ යුරෝපයට, මධ්‍යධරණීය මුහුදට, ඒ තුලින් අත්ලාන්තික් සාගරය හරහා ඇමරිකා එක්සත් ජනපදයට යන භාණ්ඩත්, ඒ ප්‍රදේශයේ සිට එන භාණ්ඩත් සම්පූර්ණ ඇන හිටලා තියෙනවා. ලෝක වෙළෙඳාමේ භාණ්ඩ සහ නිමි භාණ්ඩ, ඒ වගේම තෙල් සියලු දේ මැදපෙරදිග ප්‍රදේශයේ දැන් හිරවෙලා තිබෙනවා. මේ නිසා දැනට ගණන් බලලා තියෙනවා පැයකට ඩොලර් මිලියන 400ක පමණ පාඩුවක් ලෝක වෙළෙඳ ක්ෂේත්‍රයට සහ නාවික ක්ෂේත්‍රයට වෙනවා කියලා.“

“ලංකාවෙන් අපනයනය කරන අපනයනකරුවන්ගේ භාණ්ඩ ඔවුන්ගේ ගැනුම්කරුවන් වෙත යාම වැළැක්විලා තියනෙවා. ඒ වගේම යම් අමුද්‍රව්‍ය සහ භාණ්ඩ මෙරටට ආනයනය කරනවා නම් ඒ භාණ්ඩ සම්පූර්ණයෙන්ම නැවතීමක් වෙලා තියෙනවා. මෙය අපිට විතරක් නෙමෙයි, මුළු ලෝකයටම බලපානවා. දැන් ලැබෙන ප්‍රවෘත්තිවලට අනුව මෙම නැව යථාතත්ත්වයට පත්වීම ඉතා අසීරු කාරණයක් බවයි සඳහන් වෙන්නේ. ඒ නිසා සමහර නැව් සමාගම් දකුණූ අප්‍රිකාවේ කේප් තුඩුව හරහා විශාල රවුමකින් යුරෝපයට සහ ඇමරිකාවට මේ භාණ්ඩ ගෙන යාමේ උත්සාහයක් කල්පනා කරමින් සිටිනවා.  එහිදී දින 10 ක කාලයක් පමණ ප්‍රමාද වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පළතුරු සහ ශීත පරිසරයක් අවශ්‍ය මත්ස්‍ය අපනයනවලට මේ නිසා බලපෑමක් අනිවාර්යෙන්ම ඇතිවෙන්න පුළුවන්.“

“ඉදිරියේ දී මේ සැපයුම් ජාලය සම්පූර්ණයෙන් අවහිර වීම නිසා කාලසටහනකට ක්‍රියාකරන නැව් ප්‍රමාද වෙන්න පුළුවන්. අපිට දැනුම් දෙන්න තියෙන්නේ ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට, මේ සැපයුම් ජාලය අවහිර වීම නිසා ඇති වී තිබෙන තත්ත්වය තේරුම් අරගෙන ගැනුම්කරුවන්ට සහ තමන්ට භාණ්ඩ සපයන්නන් දැනුවත් කරලා ඒ සඳහා සූදානම් වෙන්න. අනිවාර්යයෙන්ම ප්‍රමාද වීමක් පළමු කොට සිදුවෙනවා, ඒ පමණක් නොවෙයි ඊට අමතරව භාණ්ඩවල මිල වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම රක්ෂණ වන්දි ඉල්ලීම් විවිධ පැතිවලින් එන්න පුළුවන්. මේ හැමදෙයක් ගැනම අපි කල්පනාවෙන් ඉන්න ඕනේ. මෙය විශාල නාවික අනතුරක් හැටියටයි ලෝකයම දකින්නේ.“

“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකුවහොත්, ලංකාවට එන ආනයන, අපෙන් යන අපනයන ප්‍රමාද වෙනවා. ඒ වගේම අවශ්‍ය නැව් සේවා ඉදිරි කාලයේ දී අඩු වෙන්න පුළුවන්.  එම නිසා මේ නැව වහාම ප්‍රධාන නැව් මාර්ගයෙන් අයින් කළේ නැතිනම් වරාය ක්ෂේත්‍රයටම බලපාන තත්ත්වයකුත් ඉදිරි කාලයේ දී එන්න පුළුවන්. අපේ ප්‍රධානම වෙළෙඳ භාණ්ඩ අපනයන තිබෙන්නේ යුරෝපයට, මැදපෙරදිගට, මධ්‍යධරණී මුහුදට සහ එතනින් අත්ලාන්තික සාගරය හරහා ඇමරිකානු කලාපයට.  අපේ අපනයනවලින් 2/3ක්ම යන්නේ ඒ පැත්තට. ඒ නිසා අපේ අපනයනකරුවන්ට බලපෑමක් සැපයීමේ දී ඇතිවෙන්න පුළුවන්.“

SendShareShare
Previous Post

ගිවිසුම අලුත් කරයි: වාස් ටීම් එක බාරගනී

Next Post

ජනපති ඩිජිටල් වේදිකාවට ගොඩවෙයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper