ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකාර ධූරය යළිත් බාර ගැනීමට චමින්ද වාස් පියවර ගෙන ඇත.
ඉකුත් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර වාස් හට මෙම තනතුර පිරිනැමුණද අවසන් මොහොතේ ගෙවීම් ප්‍රශ්නයක් මත වාස් එම තනතුරෙන් ඉවත් වීමට පියවර ගත්තේය.
කෙසේවෙතත් පසුව සාකච්ජා මාර්ගයෙන් ගැටලුව විසදා ගැනීමට ක්‍රිකට් ආයතනය හා වාස් සමත් වීම මත එම තනතුර බාර ගැනීමට වාස් තීන්දු කොට ඇත.










