• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජීවත් වෙන්න අමාරුයි කියලා අපි දන්නවා! ඒත් උද්ඝෝෂණ කරලා රට අස්ථාවර කරන්න එපා! ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල වෘත්තීය සමිති නායකයන් හමුවී ඉල්ලයි! VIDEO

March 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජීවත් වෙන්න අමාරුයි කියලා අපි දන්නවා! ඒත් උද්ඝෝෂණ කරලා රට අස්ථාවර කරන්න එපා! ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල වෘත්තීය සමිති නායකයන් හමුවී ඉල්ලයි! VIDEO
Share on WhatsAppShare on Facebook

ලංකාවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රසාදය පළකර ඇති බවත් ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ, වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පසුගියදා පැවති සාකච්ඡාවට එක්වෙමිනි .

උපයන විට අයකරනු ලබන බද්ද ඉවත් කර ගැනීම පිළිබඳ මාර්තු 08 හා 09 දිනවල ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
ආර්ථිකමය වශයෙන් රට පත්ව ඇති තත්ත්වය තේරුම් ගෙන අත්‍යාවශ්‍ය සේවාවන් හා අනෙකුත් සේවාවන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදෙන ලෙස සාගල රත්නායක මහතා මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

බදු පැනවීම නිසා වෘත්තිකයන් පත්ව ඇති අපහසුතාව රජය තේරුම් ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන ඉදිරියේ දී ගෙන ඒමට කටයුතු කරන බවත් රත්නායක මහතා පැවසීය.එම නිසා වෘත්තීය සමිති නායකයින් ලෙස රට අස්ථාවර කරන කිසිදු උත්සාහයකට සම්බන්ධ නොවන ලෙස ඉල්ලා සිටි සාගල රත්නායක මහතා එසේ වුවහොත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවනු ඇති බව ද සඳහන් කළේය.

තම මාසික ආදායම මත අයකරනු ලබන බදු ප්‍රතිශතය නිසා එදිනෙදා වියදම් සහ ගෙවිය යුතු බැංකු ණය වාරික කළමනාකරණය කර ගත නොහැකි බවත්, වැඩිවන විදුලි බිල්පත නිසා එය තවත් උග්‍ර වී ඇති බවත් වෘත්තීය සමිති නායකයින් මෙහිදී පෙන්වා දුන් අතර උපයන විට බදු අය කිරීමේ ප්‍රතිශතය සංශෝධනය කරන ලෙස ද ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.

එමෙන්ම රජයේ බදු දැලට හසු නොවූ පිරිස් තවමත් සිටින බැවින් ඔවුන්ව සොයා බදු දැලට හසු කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් රජයට විශාල බදු ආදායමක් ලබා ගත හැකි බව ද වෘත්තිය සමිති නායකයෝ පෙන්වා දුන්හ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්.එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සභාපති මොහොමඩ් උවයිස්, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීර්ති බර්නාඩ්, ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන්, රාජ්‍ය බැංකු සාමාන්‍යධිකාරීවරුන් හා රාජ්‍ය බැංකු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-03-07

SendShareShare
Previous Post

සජිත් ඊයෙ පාර්ලිමේන්තුවේ ඡන්දය වෙනුවෙන් කරපු සටන! VIDEO

Next Post

‘සෝෂල් මීඩියා’ නියාමනයට ආණ්ඩුව සූදානම් වෙයි? කල්තැබීමේ යෝජනාවක් අරන් එයි! VIDEO

MORE NEWS

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

Load More
ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දකුණු ආසියාවේ අනාගත ආර්ථික සාර්ථකත්වය ආණ්ඩු බලය හිමි රජයන් විසින් පමණක් නොව කලාපය පුරා ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්,...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper