වසංගතයකට රට මුහුණ දී සිටියදී ආණ්ඩුව ලබන වසරේ සෞඛ්‍ය වියදම රුපියල් බිලියන 20කින් කපා හැර දමා ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපලාන මණ්ඩල සභික දුමින්ද නාගමුව පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය වියදම් කපා හැර ඇති ආණ්ඩුව ආරක්ෂක වියදම රුපියල් බිලියන 42කින් වැඩි කර ඇති බවයි.
එමෙන්ම රුපියල් බිලියන 330ක් මහමාර්ග සදහා වෙන් කර ඇති බවද ඒ මහතා කීය.
මීට අමතරව කැඩුණු පීසීආර් මැෂීම අලුත්වැඩියා කිරීම සදහා චීන තානාපති කාර්යාලයට ගොස් කීමට තරම් රටේ රාජ්‍ය පාලනය ඇද වැටුණු බවත්, මේ වනවිට කොරෝනා වසංගතය පිරිසකට ආශිර්වාදයක් වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.











