• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස එකහමාරෙන් ජනපති අලුත් හල්දුම්මුල්ලක් හදයි

November 8, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
මාස එකහමාරෙන් ජනපති අලුත් හල්දුම්මුල්ලක් හදයි
Share on WhatsAppShare on Facebook

බදුල්ල දිස්ත්‍රික්කයට අයත්, පොදු පහසුකම් අඩු සහ බහුතරයක් දිළිඳුකමින් පීඩිත ජනගහණයක් සහිත හල්දුම්මුල්ල ප්‍රදේශයේ වෙලංවිට සහ අක්කර සීයය ගම්මාන දැන් වේගවත් සංවර්ධන අවදියකට පිවිස තිබේ.

යෝජිත සංවර්ධන සැලැස්මෙන් අත්කර ගැනීමට අපේක්ෂිත ඉලක්කවලින් බහුතරය දැනටමත් සපුරා ගෙන ඇත. ඉතිරිය ඉදිරි දෙමස තුළ සාක්ෂාත් කර ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

48,000ක පමණ ජනතාවක් වෙසෙන හල්දුම්මුල්ල, බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි. වෙලංවිට සහ අක්කර සියය එහි දුෂ්කරතම ගම්මාන ලෙස සැලකේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ කරමින් සැප්තැම්බර් 25 වැනිදා හල්දුම්මුල්ල, කුමාරතැන්න ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මූලික අවශ්‍යතා පවා සපයා ගැනීමට නොහැකිව ජනතාව සිය පාරම්පරික ගම් බිම් අතහැර ගොස් ඇති බව ගම්වාසීහූ ජනාධිපතිතුමාට පැවසූහ. ඔවුනට සවන් දුන් ජනාධිපතිතුමා තෙමසක් ඇතුළත ප්‍රදේශයේ මාර්ග, විදුලිය, ජලය සහ පාසල් අවශ්‍යතා සපුරා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රාජ්‍ය ආයතන 19ක් විසින් ව්‍යාපෘති 51 ක් යටතේ වැඩසටහන ක්‍රියාවට නංවමින් හල්දුම්මුල්ල ග්‍රාමයේ පුළුල් සංවර්ධන සංග්‍රාමයක් ආරම්භ කර තිබේ.

මාර්ග සංවර්ධනයට ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. කි.මි 12 ක් දිගැති අක්කර සියය – වෙලංවිට මාර්ගයේ කි.මි 05 ක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කර තිබේ. ඉතිරි කි.මි 07 කාපට් ඇතිරීම ආරම්භ කර ඇත. අක්කර සියයේ සිට වෙලංවිටට යාමට ගත වූ පැය 1,1/2ක කාලය වැඩ නිමවීමෙන් පසු  විනාඩි 20 දක්වා අඩු වෙයි. මාර්ගයේ ඉදිකිරීම් අවසන් වූ වහාම බස් රථයක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සැලසුම් කර තිබේ.

ගම්පහ – වෙලංවිට, කැලිපනාවල – හාල්කන්න, අක්කර සියය – කක්කුටුඅරාව සහ බෙරගල – වැල්ලවාය මාර්ගවල ඉදිකිරීම් ද පටන් ගෙන ඇත.

විදුලිය සැපයුම සඳහා  කණු සවි කරමින් පවතින අතර, රැහැන් ඇදීම නොපමාව ආරම්භ කෙරේ. එය අවසන් වීමත් සමග ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සන්නිවේදන අවශ්‍යතා සපුරාලීමට සූදානමින් සිටී.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය  පානීය ජල සැපයුම සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තාව සහ ඇස්තමේන්තුව සකස් කර අවසන්ව ඇත.

17 වැනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙලන්විට, කුමාරතැන්න විද්‍යාලයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් භාරව සිටී. පන්ති කාමර 04කට ඉඩ ඇති ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සැප්තැම්බර් 04 වැනිදා ඇරඹිණ. නව පාසල් වාරයට පෙර ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. සොරගුණේ විද්‍යාලයේ  නව පංති කාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිම කර තිබේ. පාසල්වල ගුරු හිඟයට විසඳුම් ලෙස සියලු විෂයයන් ආවරණය වන පරිදි ගුරුවරු පත් කරනු ලැබ සිටිති.  වැල්ලවාය – ගම්පහ විද්‍යාලයට සහ ජනානන්ද විද්‍යාලයට නව විදුහල්පතිවරුන් පත් කර ඇත. පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට හපුතලේ දෙමළ මහා විද්‍යාලය එක් කර තිබේ.

කොටබෝගස්තැන්න ක්‍රීඩාපිටියේ ඉදිකිරීම් නිම කර පසුගියදා ගම්වාසීන්ට භාර දෙනු ලැබීය.

ඉඩම් කට්ටි 187ක මැණුම් අවසන් කර ඇති අතර ඉතිරි මැණුම් කටයුතු වසර අවසන්වීමට පෙර  නිම කිරීමට සැලසුම් කර තිබේ.

වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වලට අයත් නිදහස් කළ හැකි ඉඩම්, පාරම්පරිකව වගාවෙහි නිරත ගොවීන්ට දීමනා පත්‍ර ක්‍රමය යටතේ ප්‍රදානය කරනු ලැබේ.

කුරුඳු සහ ගම්මිරිස් ගොවීන් දිරි ගැන්වීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. කුමාරතැන්න ගම්මානයේ ගොවීහු 57 දෙනෙක් අක්කර 160ක ගම්මිරිස් වගාවේ නිරතව සිටිති. ඔවුන් සඳහා කාබනික ගම්මාන ප්‍රවර්ධන නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මකය. වෙලංවිට කුරුඳු සැකසුම් මධ්‍යස්ථානය ඉදිකෙරෙමින් පවතී. වගාකරුවන් 31 දෙනෙකුට ඉන් ප්‍රතිලාභ අත් වෙති.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එක්ව සාම්ප්‍රදායික මැටි කර්මාන්තයේ ප්‍රවර්ධනයට පියවර ගනිමින් සිටී. පවුල් 18ක් මැටි කර්මාන්තයේ නිරතව සිටිති.

වන අලි ගම් වැදීම නතර කරනු පිණිස පතහ සිට අයිස්පීල්ල දක්වා  විදුලි අලි වැට ඉදිකිරීම ආරම්භ කර තිබේ. අක්‍රීයව පැවති වෙලංවිට සහ කුමාරතැන්න විදුලි වැට  අළුත්වැඩියා කර  සක්‍රීය කර ඇත.

ජනාධිපතිතුමා ප්‍රදේශයේ කළ චාරිකාවේ දී  වන අලි ප්‍රහාරයකින් විනාශයට පත් කුමාරතැන්න, සරත් රණතුංග මහතාගේ නිවස නිරීක්ෂණය කළේය. එහිදී ජනාධිපතිතුමා දුන් උපදෙස් අනුව ශ්‍රී ලංකා යුද හමුදාව කාමර 03ක් සහිත අංග සම්පූර්ණ නිවසක් ඔහුට ඉදි කර දී තිබේ.

දීර්ඝ කාලයක සිට කිසිදු රජයක අවධානයට ලක් නොවූ හල්දුම්මුල්ල ග්‍රාමයේ දියත් කළ සංවර්ධන වැඩසටහනට ප්‍රදේශවාසීහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහ රජයට  සිය කෘතඥතාව පළ කරති.

SendShareShare
Previous Post

ජවිපෙ නිදි: පෙරටුගාමීන් නැගිටියි (VIDEO)

Next Post

මිනීමරුවකුට සමාව දෙන්න කෝටි 5ක් ගත්ත හැටි (VIDEO)

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.