2005 වසරේ සිට ජර්මනියේ චාන්සලර් ධූරය දරමින් ජර්මනිය යුරෝපයේ වැඩිම ආර්ථිකයක් හිමි රට බවට පත් කරලීමට විශාල දායකත්වයක් දැක්වූ ඇන්ජලා මර්කෙල් මහත්මිය සිය පක්ෂ නායකත්වය බාරදීමට පසුගියදා පියවර ගත්තාතාය
එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සමස්ත ජර්මනියේම ජනතාව සිය නිවෙස්වල සදලුතලවලට පැමිණ ජර්මනිය ඔසවා තැබීමට කටයුතු කළ මර්කෙල් හට විනාඩි 6ක් එකදිගට අත්පොලසන් දී ඇයට ආචාර දැක්වීමය.
මර්කෙල් වසර 18ක් තිස්සේ ජර්මන් චාන්ස්ලර් ධූරය දැරූවද ඇයට කිසිත් දූෂණ චෝදනා නොමැත.
ඇය සිය ඥාතීන් රාජ්‍ය පාලනයට එක්කර ගත්තේද නැත.
ඇය දේපොළ, යානවාහන, පෞද්ගලික ගුවන්යානා තබා ගත්තේ නැත.
ඇය ජීවත් වූයේද කලින් ඇය සැමියා සමග පදිංචිව සිටි තට්ටු නිවාසයේමය.
අවම වශයෙන් ඇය සිය නිවෙසට මෙහෙකාරියක් හෝ තබා නොගෙන ඉවුම්පිහුම් කටයුතු පවා තනිවම කරගත්තාය.
එමෙන්ම ඇය එකම ඇදුම පවා උත්සව ගණනාවකට ඇන්දාය. ඒ සම්බන්ධයෙන් වරක් මාධ්‍ය ඇගෙන් විමසද්දී ඇය කියා සිටියේ තමන් මෝස්තර නිරූපිකාවක් නොවන බවකි.









