ජපාන නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්ලයට සහභාගී වීම සදහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට සිංගප්පූරුවේ විවේක සුවයෙන් පසුවන බව දැනගන්නට තිබේ.
ඒ අනුව සිය සංචාරයේ පළමු දින 4 ජපානයේ ගත කළ සිරිසේන මහතා පසුව දින 3ක සංචාරයක් සදහා සිංගප්පූරුවට පැමිණ තිබේ.
කෙසේවෙතත් අද (27) දින සිරිසේන මහතා ලංකාවට පැමිණෙන බව දැනගන්නට ඇත.
මේ ආකාරයටම පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පවා සිරිසේන මහතා රැදී සිටියේ සිංගප්පූරුවේය.