තමන්ට පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සිය ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන ලෙසට ඩිලාන් පෙරේරා මහතාට දැනුම් දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.
සිය ජපන් සංචාරයට ප්‍රථම මෙසේ ඩිලාන් පෙරේරා මහතා කැදවා ඇති සිරිසේන මහතා මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ නම් ඌව මහඇමැති ධුරය ලබා දිය හැකි බවද සිරිසේන මහතා ඩිලාන් පෙරේරා මහතාට දැනුම් දී ඇත.
නමුත් ඩිලාන් පෙරේරා මහතා මෙහිිදී සිරිසේන මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර මේ වනවිට තමන් පොදුජන පෙරමුණට එක්වී ඇති බැවින් සිය නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත්, පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට නම් රාජපක්ෂ මහතාගෙන් අවසරය ලබා ගත යුතු බවත් සිරිසේන මහතාට දැනුම් දී තිබේ.