ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති කතාව සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලමේන්තතු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.
ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති කතාව හැදින්වූයේ වීදුරු මල් දැමූ වීදුරු බෝලයක් ලෙසය.
එය බිම වැටුණු සැණින් බිදී යන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
රට ඉදිරියට ගෙන යන ක්‍රියාමාර්ග කිසිවක් මෙහි ඇතුළත් නොවන බවද ඒ මහතා කීය.










