• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති මාස තුනෙන් අංගසම්පූර්ණ ගමක් හදා ජනතාවට බාර දෙයි (PHOTOS)

April 4, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
ජනපති මාස තුනෙන් අංගසම්පූර්ණ ගමක් හදා ජනතාවට බාර දෙයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

කැබිතිගොල්ලෑව “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනතාවගෙන් ඉදිරිපත් වූ දුක්ගැනවිලිවලට  සවන් දීමෙන් පසු ජනාධිපතිතුමා කළ ඉල්ලීම අනුව ගුවන් හමුදාව ඉදිකළ “කණුගහවැව ආදර්ශ ගම්මානය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (04) දහවල් ජනතා අයිතියට පත් කෙරිණ.

පසුගිය දෙසැම්බර් මස 30 වන දින පැවැති “ගම සමඟ පිළිසඳර” සිව්වන වැඩසටහන සඳහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කණුගහවැව ගම්මානය තෝරාගෙන තිබිණි.

කැබිතිගොල්ලෑව, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ භීෂණයට නිතර ගොදුරු වූ ප්‍රදේශයකි. 2006 ජුනි මස 15 වන දින හල්මිල්ලවැටිය ග්‍රාමයේදී, කැබිතිගොල්ලෑව බස් රථය කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක්වීමෙන් කණුගහවැව සහ අවට ගම්වල 68 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

1995 සිට 1998 දක්වාත්, 2006 සිට 2008 දක්වාත් මේ ගම්මානවල වැසියන්ට ත්‍රස්තවාදී භීෂණය නිසා කඳවුරුගතව ජීවත්වීමට සිදුවිය.

එකී උවදුර අවසන් වුවද ඔවුහු බරපතළ ආර්ථික, සමාජයීය ප්‍රශ්න රැසකට මුහුණ පා සිටියහ.

ඔවුනගේ ඉඩම් ගැටළු විසඳීම, වැව් ඇළ වේලි පිළිසකර කිරීම, ප්‍රධාන සහ අතුරු මාර්ග සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපන හා ප්‍රවාහන ඇතුළු ගැටලු වලට කඩිනම් විසඳුම් දෙන ලෙස ජනාධිපතිතුමා එදින නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කණුගහවැව ග්‍රාමයේ නිවාස ඇතුළු අවශ්‍යතා සංවර්ධනය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් බාරගන්නා ලදී. අවශ්‍යතා හඳුනාගෙන සැලසුම් ඉදිරිපත් කිරීමේ වගකීම ගමේ විහාරාධිපති හිමියනට, ප්‍රාදේශීය ලේකම්වරයාට, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ග්‍රාම නිලධාරීවරයාට ජනාධිපතිතුමා විසින් පවරනු ලැබීය.

අද කණුගහවැව ගම්මානය වෙත ගිය ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පළමුව අභිනවාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු විහාරාධිපති හිමියන් බැහැ දැක සුහද පිළිසඳරක නිරත විය.

යෝජිත වෙහෙර වහන්සේ ඉදිකෙරෙන භූමිය, අභිනවයෙන් ඉදිකෙරුණු බෝධිඝරය, ආවාස ගෙය සහ වැඩ අවසන් කෙරුණු ඝණ්ඨාර කුළුණ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

කණුගහවැව ප්‍රාථමික විද්‍යාල භූමියට පැමිණි රාජපක්ෂ මැතිතුමා නව නිවාස 12 ක සහ “ගුරු නිවාසයෙහි” යතුරු නිවාස හිමිකරුවන්ට සහ විදුහල්පතිවරයාට බාර දුන්නේය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පාසල් දරුවන්ට නිල ඇඳුම්  සහ පාසල් උපකරණ ප්‍රදානය කෙරිණ.

කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය, ආදර්ශ ගෙවතු වගා ව්‍යාපෘතිය, ගුරු නිවස සහ ජංගම අක්ෂි රෝහලේ සිදුකල අක්ෂි සැත්කම් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටී පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය සිදු කෙරෙමින් පවතී. කණුගහවැව ග්‍රාමයේ ඉඩම් ඔප්පු අහිමි අය අතරින් පස් දෙනෙකුට ඔප්පු ප්‍රදානය සංකේතාත්මකව ජනාධිපතිතුමා අතින් සිදු විය.

අනතුරුව කණුගහවැව ආදර්ශ ගම්මානය වෙත ළගා වූ ජනාධිපතිතුමා අලුතින් ඉදිකළ නිවසක් සහ කණුගහවැව ආදර්ශ ගම්මානයේ අලුතින් ඉදිකළ කි.මි 15ක් දිග අලිවැට ද නිරීක්ෂණය කළේය.

අසළ නිවසකට ගිය එතුමා නිවැසියන් සමග සුහද කථා බහක නිරතවෙමින් තොරතුරු විමසීය.

අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරුන් වන කේ.එච්. නන්දසේන, කේ.පී.එස් කුමාරසිරි, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරු ගුවන් හමුදා නිලධාරිහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

SendShareShare
Previous Post

කිව්වා වගේම පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකර දඬුවම් දෙන්න (VIDEO)

Next Post

දිස්ත්‍රික්-සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාධ්‍යයට තහනම්! කමල් ගහපු චක්‍රලේඛය ගැන කෙහෙළිය දන්නෙත් නෑ

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper