කොවිඩ් වසංගතය හමුවේ නැවතත් රට වසාදමන්නට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) විශේෂ ඉල්ලීමක් කළේය.
අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළිය අමතමින්.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර වැඩවර්ජන සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු සඳහන් කර සිටියා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි දී මෙසේ ද කීය.
“පොහොර නැතුව හරි ඇතුව හරි ගොවි ජනතාවගේ ආදායම 100%කින් මම වැඩිකරනවා. උදුර ගත්තු ඉඩම් ටික ලබාදුන්නා. ගොවිජනතාව වෙනුවෙන් කැපවෙන්න මම සූදානම්.”
“කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු අය අද ගොවියව රවට්ටලා. රට අගාධයට ඇද දාන්න හදනවා.පසුගිය අවුරුදු 5 මොකද කළේ. අන්තිමට බෝම්බ ගහලා නැවතුනේ.මාත් සමග එකතුවන්න. විශ්වාසය තබන්න. නැවතත් අපිට රට වහන්නට ඉඩ තියන්න එපා. එන්නත් ලබාගන්න.”
“වැඩවර්ජන කරන අයගෙන් මම ඉල්ලනවා.. ජනතාව දිහා බලන්න. ඔබේ වගකීම තියෙන්නේ ආණ්ඩුව වෙනුවෙන් නෙමෙයි. ජනතාව වෙනුවෙන්.”










