දැනට ලංකාවේ පවතින පීසීආර් යන්ත්‍ර ගුණාත්මක බවින් තොර ඒවා බව මේ වනවිට තහවුරු වී ඇති බවත්, වහාම ආණ්ඩව මැදිහත් වී ගුණාත්මක බවින් යුත් පීසීආර් යන්ත්‍ර ලබා දීමට පියවර ගත යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කලාඔය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය – කලාඔය ශ්‍රී බෝධිරාජාරාමාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මාදම්පේ සරණතිස්ස නාහිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබාගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස පැවසීය.
එමෙන්ම ඉකුත් මැතිවරණයේදී ආණ්ඩුව ඉල්ලූ සියලු දෑ ජනතාව ලබා දීමට පියවර ගත් බවත්, එමනිසා දැන් ආණ්ඩුව ජනතාවට අවශ්‍ය දේ ලබා දීමට පියවර ගත යුතු බවත් ඒ මහතා කීය.
මේ සියල්ල අතරවාරයේ ජනතාව ජීවත් කරවීම සදහා බඩු මිල අඩු කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවද හෙතමෙ පෙන්වා දුන්නේය.











