ලංකාවේ ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කම්හල්වලින් මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 423 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එම 423දෙනාගෙන් කටුනායක වෙළෙඳ කලාපයෙන් 411දෙනෙකු සහ අනෙකුත් 12දෙනා බියගම වෙළඳ කලාපයෙන් හඳුනාගත් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.










