• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චම්පික – ධර්මපාල සහ ජේ.ආර්.

September 17, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
චම්පික – ධර්මපාල සහ ජේ.ආර්.
Share on WhatsAppShare on Facebook

සැප්තැම්බර් 17 දින අනගාරික ධර්මපාල තුමාගේ සහ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමාගේ උපන් දිනය යෙදෙන දිනයයි. පසුගිය සියවසේ ශ්‍රී ලංකා ඉතිහාසයට මේ දෙදෙනාගේම දායකත්වය සුවිශාලය.ධර්මපාල තුමාගේ දිනපොත ඇසුරෙන් විධිමත් ජීවිත විවරණයක් ආචාර්ය සරත් අමුණුගම විසින් සිදුකර ඇත. ජේ.ආර්.ගේ චරිතාපදානය ලියූ හාවඩ් හිඟින්ස් හා කේ.එම්.ඩී. සිල්වා එමගින් 20 වැනි සියවසේ ලාංකේය ප්‍රභූ දේශපාලනය මැනෙවින් විග්‍රහ කර ඇත.

ධර්මපාල තුමා එක්තරා අතකින් ඉංග්‍රීසි යුගයේ මේ රටේ බලවත් වූ ප්‍රභූ පන්තියේ සාමාජිකයෙකු වුවද ඔහුගේ සේවය හා නායකත්වය ලැබුණේ මාධ්‍යමික හා සාමාන්‍ය සිංහල ජනයාටය. සිංහල භාෂාව හා සිංහල අධ්‍යාපනය, සිංහල සංස්කෘතිය හා බුද්ධ ශාසනය සංවිධානාත්මකව ඉදිරියට ගෙනයෑම සඳහා 19 වැනි සියවසේ අග භාගයේ හා 20 වැනි සියවසේ මුල් දශකයේ වැඩිම මෙහෙවරක් සිදුකළ තනි පුද්ගලයා අනගාරික ධර්මපාල තුමාය. ඒ නිසාම එතුමන්ට ඉංග්‍රීසි උගත්, පවුම් ඉපැයූ ප්‍රභූ ධනපතීන්ගේ ප්‍රහාරයට ලක්වීමට පවා සිදුවිය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සිංහල ජනයා ලබාගත යුතු නවීනත්වය හා වෙළඳ දියුණුව පිළිබඳව ජපානය ආදර්ශයට ගනිමින් එතුමන් යෝජනා කළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පන්තිය හා ප්‍රභූවරැ අසමත් වූහ. ඔහුගේ නිසග දේශපාලන අනුප්‍රාප්තිකයා වූ ඩී.බී. ජයතිලකට අත්වූයේද එම ඉරණමමය. එනම්, ප්‍රභූවාදයේ සිරකරැවෙක්ව මිය යාමය. අද බොහෝ දැනුවත් සිංහලයින් ධර්මපාලතුමා සැමරුවද එතුමා ශ්‍රී ලංකාව හැර ගියේත්, භික්ෂුවක ලෙස අපවත් වූයේත්, හුදෙකලා වූ ලංකාව ගැන කලකිරුණු පුද්ගලයෙකු ලෙසය. ඔහුට එරෙහිව නැගුණු මූල්‍ය වංචා චෝදනා හා ව්‍යාජ නඩු ආදිය විසින් ඇතිකළ කම්පණය එතුමන් මිය යන තෙක්ම පැවති බව පෙනීයයි.

ජේ.ආර්. ජයවර්ධන වනාහී 20 වැනි සියවසේ ලංකාවේ බිහිවූ තමන් කරන්නේ කුමක්දැයි දත්, උගත්, උපායශීලී, නවීන රාජ්‍යතාන්ත්‍රිකයෙකි. එමෙන්ම ප්‍රායෝගික වාදියෙකි. නිදහසට පෙර එක්සත් ජාතික පක්ෂය බිහිවීමේදී හා එහි පළමු සමුළුවේදීම ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ රාජ්‍ය ආයතන මුල් කරගත් සංවර්ධනයක් හා නිදහස් සමාජයක් බවයි. එහිදී, ලංකාවේ කොමියුනිස්ට් ව්‍යාපාරය සමග වුව නිදහස සඳහා අත්වැල් බැඳගත යුතු බව ඔහු යෝජනා කළේය. (1947)පසුව ඔහුගේ න්‍යාය පත්‍රය සමාජවාදය නමින් ක්‍රියාත්මක කළේ ජාතිකවාදී බණ්ඩාරනායක මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. (1956-77)ජේ.ආර්. ලංකාවේ ආර්ථිකය ප්‍රායෝගිකව විවෘත කළේය. ආනයන ආදේශක හා වැසුණු ස්වයංපෝෂිත ආර්ථිකය වෙනුවට, අපනයන අභිමුඛ (නිදහස් වෙළඳ කලාප) හා ලංකාව ඉන්දියානු සාගරයේ වාණිජ කේන්ද්‍රස්ථානයක් හා නාගරික කේන්ද්‍රස්ථානයක් කිරීමේ උපාය මාර්ගය ගෙන ආවේය. බටහිර වෙළඳ පොල ඉලක්ක කර ගැනීම සඳහා ඔහු සිතින් ගතින් දෙකෙන්ම බටහිර මිනිසෙක් විය. (ඔහුගේ මේ ගුණාංග ගැන මාග්‍රට් තැචර් හා ජේ.එන්. ඩික්සිත් සිය ජීවන කෘතිවල අගය කර ඇත. එයාර්ලංකා, වරාය අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ආදී ජේ.ආර්. ඇතිකළ ආයතන බොහොමයක දල පිටපත තිබුණේ සිංගප්පූරුවේය. ජේ.ආර්.ගේ කටුනායක – බියගම දල පිටපත පසුව චීනයේ ෂෙන්ෂෙන් වැනි යෝධ නිදහස් නව-උත්පාදන කලාප වලට මං පෑදුවේය. (1979)එක්සත් ජාතික පක්ෂය බිහිවූයේ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ප්‍රභූ පන්තියේ පක්ෂය ලෙසය. ඩී.එස්. සිය ගොවි ජනපද ව්‍යාපාර (එයට ඔහුට ආභාෂය ඊශ්‍රායලයේ කිබුට්සු ගම්මාන වලින් ලැබිණි.) හරහා රට එතෙක් අමතක කර තිබූ වියළි කලාපය කරා ගියේය. නමුත් එජාපයට වාමාංශිකයන් හා සිංහල – දෙමළ සංස්කෘතික ජාතිකවාදය වෙතින් එල්ල වූ ප්‍රහාරය මුහුණ දිය නොහැකි විය. කොතලාවල හා පොන්නම්බලම් පරදා බණ්ඩාරනායක හා චෙල්වනායගම් මතුවිය (1956). එජාපය දේශපාලන වශයෙන් අතුගෑවී යන්නට තිබුණේ එදාය.

එහෙත් ජේ.ආර්. එජාපය වෙනස් කළේය. ඔහු නිර්භයව ජාතික ඇදුම ඇන්දේය. ජාතිවාදී ලේබල් වලට බිය නොවී බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව පාරට බැස්සේය. රණසිංහ ප්‍රේමදාස වැනි පීඩිත ජනයාගේ නියෝජිතයන් පක්ෂයට ගත්තේය. ලලිත්, ගාමිනී, රොනී වැනි වෘත්තීයවේදීන් මුලට ගත්තේය. (මේ සියළු දෙනා ඩඩ්ලි නිසා මතුවූවෝ වෙති.) කෙටියෙන්ම කිවහොත් ඔහු වාමාංශිකයන්ට පිළිතුරක් ලෙස නාගරික හා ග්‍රාමීය දුගියන්ද, ගැටුමට කැමති නැති කම්කරුවන්ද (ජාතික සේවක සංගමය) සංවිධානය කළේය. නැත්නම් එයට ඉඩ දුන්නේය.1977 න් පසු ජේ.ආර්. රාජ්‍ය තන්ත්‍රය හා ආණ්ඩුව එකක් කළේය. ග්‍රාම සේවක හා සංවර්ධන නිලධාරී පත්වීම් පක්ෂයේ ප්‍රාදේශීය නායකයින්ට ලබාදීම මෙන්ම ජාතික සේවක සංගමය හරහා රාජ්‍ය ආයතන පාලනය කිරීම සිදුකළේය. ඉන්පසු කලක් එස්.බී. දිසානායකද, පසුව බැසිල් රාජපක්ෂද සමෘද්ධිය හා ග්‍රාමීය සංවර්ධන කොන්ත්‍රාත් හරහා රජයේ අරමුදල්වලින් පක්ෂය ගොඩනැගීමට ආදර්ශය ගත්තේ ජේ.ආර්. ගෙනි. ඔහුට අත පොවන්නට බැරිවුණේ ශිෂ්‍ය ව්‍යාපාරය හා මතවාදී භික්ෂූන් වහන්සේ වෙත පමණි. ඔවුන්ගේ දැවැන්ත ප්‍රතිවිරෝධයට මුහුණ දීමට ඔහුට සිදුවිය.

ජේ.ආර්.ගේ දැවැන්ත ආර්ථික සමාජයීය පරිවර්තනය (1977-88) කෙලවර වූයේ දැවැන්ත කැරළි දෙකකින් හා දැවැන්ත සංස්කෘතික ප්‍රති ප්‍රහාරයකිනි.ඩී.එස්. ගොවියන් අතරට ගියද, ජේ.ආර්. ආර්ථිකය පරිවර්තනය කළද, ප්‍රේමදාස නාගරික – ග්‍රාමීය දුගියන්ගේ වීරයා වුවද එජාපයට උගත් සිංහල සංස්කෘතිය ජය ගැනීමට නොහැකි විය. උදාහරණයක් ලෙස ඔවුනගේ ගායක දෙපළ වූයේ ජෝතිපාල හා ලතා වල්පොලය. උගත් සිංහල මධ්‍යම පන්තිකයන්ගේ තේරීම වූයේ අමරදේව හා නන්දා මාලිනීය. අදටත් එජාප යාන්ත්‍රණයට උගත් සිංහල භික්ෂුව හා උගත් ජනයාගේ සංස්කෘතික වීරයින් හඳුනා ගැනීමට නොහැකි වී ඇත්තේ ඩී.එස්. හා ජේ.ආර්. දෙදෙනාම ආර්ථික ඌනිතවාදීන් වුණු නිසාය.එජාපය රනිල් වික්‍රමසිංහ යටතේ ඩී.එස්., ඩඩ්ලි, ජේ.ආර්., ප්‍රේමදාස ගොඩනැගූ සියල්ල බිඳදමා ගත්තේය. එනයින් නොනැවතී එය මධ්‍යමික සිංහල ගමෙන් මෙන්ම නගරයෙන්ද ප්‍රතික්ෂේප විය. එක්සත් ජාතික පක්ෂය, එක්සත් සුළු ජාතික පක්ෂයක් වී (1994), පසුව දේශපාලන මළකඳක් විය (2020). රනිල් වික්‍රමසිංහද ආර්ථික ඌනිතවාදියෙක් විය. ඔහු එජාපයට කළ වෙනස නම් ආර්ථිකයෙන් ලිබරල් දක්ෂිණාංශික ප්‍රතිපත්ති අනුගමනය කරන අතර දේශපාලන ප්‍රශ්ණවලදී වාමාංශික ලිබරල් මතවාද වලට ඉඩදීමය. මේ නිසා එජාපය ඉතා සුළු පිටස්තර වාමාංශික ලිබරල්වාදී කල්ලියක හා නාගරික හා ග්‍රාමීය දුගී හා සුළු ජන කොටස්වල පක්ෂයක් බවට පත්වී දේශපාලන මහා ප්‍රවාහයෙන් ඉවතට විසිවිය.එජාපයේ ඉතිරිව ඇති ක්‍රියාකාරී සාමාජිකයන්ගේ පක්ෂය සමගි ජන බලවේගය යි, එහි අභියෝගය නම් රනිල් නැති එජාපයක් බවට පත් නොවී අඩුම තරමින් ජේ.ආර්. 1956 දී කළ ලෙස තම පසමිතුරු දේශපාලනය හඳුනා ගනිමින් ඒ අනුව වෙනස්වෙන ජනතාවට පිළිගත හැකි රට පාලනය කිරීමට සුදුසුකම් සහිත නවීන විපක්ෂයක් බවට පත්වීමයි.

පාඨලී චම්පික රණවක

SendShareShare
Previous Post

හකීම්-දිගම්බරම්-බදුර්දීන් 20ට සහාය දෙන්න සූදානම්

Next Post

ගෝඨා ධර්මපාලතුමා සමරයි

MORE NEWS

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

Load More
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...

Read more
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.