සමගි ජන බලවේගය යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වූ රවුෆ් හකීම්, පලනි දිගම්බරම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් 20 වන සංශෝධනයට සහාය ලබා දීමේ සූදානමකින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපය තුළ ආණ්ඩුවේ ඉහළ පෙළේ පුද්ගලයන් සමග සාකච්ජා වට කිහිපයක් පැවැත්වී ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.
මොවුන් සතුව මන්ත්‍රීවරුන් 10 දෙනකුට ආසන්න පිරිසක් සිටින බව දැනගන්නට ඇත.
යම් හෙයකින් ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයන් 20 වන සංශෝධනයට විරුද්ධ වුවහොත් මෙම පක්ෂවල සහාය ලබා ගැනීමේ අරමුණින් යුතුව ආණ්ඩුවේ ප්‍රධානීන් මෙම සාකච්ජා පවත්වා ඇති බවද දැනගන්නට තිබේ.










