ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා මහාපරිමාණ සහල් මෝල් හිමියන් අතර අද (27) දිනයේදී විශේෂ හමුවක් පැවැත්විණ.
පාලන මිලක් සහල් සදහා රජයෙන් නියම කර තිබියදී වැඩි මිලට සහල් විකිණීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වී ඇත.
ඒ අනුව අවසානයේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇති අතර, දෙපාර්ශවය අතර අතිකරගත් එකඟතාවය පරිදී ඉදිරියේදී සහල් මිල ගණන් මෙලෙස සංශෝධනය කිරීමට කැමත්ත පළ කර තිබේ.
• නාඩු සහල් – රුපියල් 96/=
• සම්බා සහල් – රුපියල් 98/=
• කීරි සම්බා සහල් – රුපියල් 125/=
මෙම අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ද එක්ව සිටියහ.










