අමෙරිකානු ෆෙඩරල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති සිය රටේ පුරවැසිභාවය අත්හළ පුද්ගලයන්ගේ නවතම ලයිස්තුවේද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත්ව නොමැත.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් අමෙරිකානු පුරවැසියකුද යන ගැටලුව මතුවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධානීන්ගේ මතය වී තිබේ.
සාමාන්‍යයෙන් කාර්තුවකට වරක් අමෙරිකානු ෆෙඩරල් දෙපාර්තමේන්තුව සිය රටේ පුරවැසිභාවය අත්හළ පුද්ගලයන්ගේ නම් ලයිස්තුව ප්‍රකාශයට පත් කරනු ලබයි.
මෙරට නීතිය අනුව ද්විත්ව පුරවැසියකුට ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කළ නොහැක.
මේ අතර ‘පොහොට්ටු’ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ තවමත් එක්සත් ජනපද පුරවැසියෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස සහ එක්සත් ජනපදයේ පුරවැසි ක්‍රියාවලිය අත්හැරීම සම්පූර්ණ කර ඇති බව පවසමින් ලංකා පුරවැසියන් මුලා කිරීම නැවැත්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ඇමරිකාවේ නිව් ජර්සි හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන අනුර රූපසිංහ නමැත්තකු නිව්යොර්ක් හි දකුණු දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් පවරා ඇති බවද දැනගන්නට ඇත.










