බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී බෝම්බයක් හමු වී වසරක් ගත වී ඇති නමුත් ඒ පිළිබඳ නිසි පරීක්ෂණයන් සිදු නොවීම සම්බන්ධයෙන් විරෝධය පා පියතුමන්ලා සහ එම මීසම්වාසීහු එම දේවස්ථානය ඉදිරිපිටදී අද (15) උදෑසන නිහඬ විරෝධතාවයක නිරතවූහ.
ඉරුදින උදෑසන දේව මෙහෙයෙන් පසු මෙම නිහඬ විරෝධතාව පැවැත්විණි.










