ලෝකයේ ඕනෑම තැනක සිදු කර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සිටින පුද්ගලයින්ට චෝදනා එල්ල වූවහොත් ජාතිකත්වය නොසලකා නඩු පැවරීමට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට (DOJ) අධිකරණ බලය ලබා දෙමින් ඓතිහාසික “යුද අපරාධවල වින්දිතයින් සඳහා වූ යුක්තිය” පනතට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපතිවරයා විසින් අත්සන් කර ඇත.
ශක්තිමත් ද්විපාර්ශ්වික සහාය ඇතිව සම්මත කරන ලද මෙම නීතිය, එක්සත් ජනපදය, මිත්‍ර පාක්ෂිකයින් සහ ජිනීවා සම්මුතීන් සමඟ වඩා හොඳින් පෙළගස්වා ඇති අතර, ඔවුන් එක්සත් ජනපදයට පැමිණියහොත් ලෝකයේ ඕනෑම ප්‍රදේශයක යුධ අපරාධවලට වගකිව යුතු පුද්ගලයින් සේ සලකා නඩු පැවරීමට හැකියාව ලබා දී ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද යුද අපරාධ චෝදනා එල්ල වී ඇති අතර මෙම නව තත්ත්වය යටතේ අමෙරිකාවට ඇතුලු වුවහොත් අවශ්‍ය අවස්ථාවක නඩු පැවරීමේ හැකියාවද ලැබී තිබේ.
This law, passed with strong bipartisan support, better aligns the US with our allies and the Geneva Conventions, and gives DOJ the ability to try Russians responsible for war crimes in Ukraine should they come to the US. 2/2
— Ambassador Beth Van Schaack, Global Crim Justice (@StateDept_GCJ) January 11, 2023










