මීට මාස 7කට ඉහතදී වත්මන් පාලකයන් රටේ ජනතාවට දුන් පොරොන්දු සහ ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය පිළිබදව සන්සන්දනාත්මක විවේචනයක් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළේය.
එහිදී ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ මීට මාස 7කට ඉහතදී පාලකයන් කීවේ ජනතාව ආරක්ෂා කරන බවත්, පොදු ජනතාවගේ බඩ කට පුරවන බවත්, පොදු ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනයක් සිදු කරන බවත්ය.
නමුත් අද ආණ්ඩුව කරන්නේ වෙරළ තීරයේ මුහුදු වැලි ව්‍යාපෘති, ඔස්ට්‍රේලියාවෙන් කිරිහරක් ගෙන්වීම, විශාලතම ක්‍රීඩාංගණ සකස් කිරීම, අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි ව්‍යාපෘති බවත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
අද ජනතාවට රැකියා නොමැතිව, කන්න නොමැතිව, ජීවත්විය නොහැකි තත්ත්වයක් උදාවී තිබියදී ආණ්ඩුව ජනතාව ජීවත් නොකොට නාස්තිකාරී වියදම් සිදුකරමින් සිටින බවද ප්‍රේමදාස මහතා කීය.










