සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වුවහොත් එම සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරුන් 50 දෙනකුගෙන් යුත් මණ්ඩලයක් පත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
මෙම නීතීඥවරුන් කණ්ඩායමට ජනාධිපති නීතීඥවරුන් 10 දෙනකුද ඇතුළත් කොට ඇති බව වාර්තා වේ.
ජනාධිපති නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති මෙම නීතීඥ මණ්ඩලය නොමිලේ එම සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටීමට පියවර ගනු ඇති බවද දැනගන්නට ඇත.











