පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය එල්ල කළ ජල ප්‍රහාර අසුචි ජලය බවත් එල්ල කළ කඳුළු ගෑස් කල් ඉකුත් වූ ඒවා බවටත් චෝදනා එල්ල වෙයි.
එලෙස චෝදනා කරමින් ජාතික ජන බලවේගයේ නීතීඥවරුන් කණ්ඩායමක් ඊයේ (09) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
“මේ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් සිහිසුන්වූ ඉංජිනේරු මහත්තයෙක් තාම ජාතික රෝහලේ. ගනේමුල්ලේ කෙනෙක් ඊයේ මිය ගියා. සැලකියයුතු පිරිසකට සංකූලතා ඇති වෙලා. මේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගහලා තියෙන්නේ කියලා අපිට විශ්වාසයි. දේශීයව සහ ජාත්‍යන්තර ලෙස මේකට ගන්න පුළුවන් ඉහළම පියවර ගන්නවා.” යැයි නීතීඥ සුනිල් වටගල මහතා කීය.