පසුගිය වසරේ මාර්තු මාසයේ සිට කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ටික කලක් රට වසා දමා රජයේ කටයුතු මන්දගාමීව සිදු වූ නමුත් එම කාලය තුළ අල්ලස් ගැනීමේ අඩුවක් සිදු වී නොමැති බව අල්ලස් කොමිසමේ විමර්ශන අංශය පවසයි.
එම කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවේ පසුගිය වසර දෙක සසඳන විට එම තත්ත්වය අනාවරණය වී ඇති බවයි.
අල්ලස් කොමිසමේ විමර්ශන අංශය විසින් 2019 වසරේදී අල්ලස් ලබා ගත් රාජ්‍ය නිලධාරීන් 45ක් අත්අඩංගුවට ගෙන ඇති අතර 2020 වසර තුළදීද එලෙස අත්අඩංගුවට ගත් ප්‍රමාණය 45කි.
මෙම වසර තුළද අත්අඩංගුවට ගත් රජයේ උසස් නිලධාරීන් අතර විදුහල්පතිනියන් දෙදෙනකුද, පොලිස් නිලධාරීන් 10 දෙනකු ඇතුළු විවිධ නිලතල දරණ පුද්ගලයින් රාශියක් සිටින බවද අනාවරණය වී ඇත.









