ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන සහ ලිපි ශීර්ෂ ව්‍යාජව යොදාගනිමින් ලිපි සකස් කළ පුද්ගලයෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩ තහනමකට ලක්ව ඇති ලංකා බැංකු සේවකයෙකු යළි සේවයේ පිහිටුවීම යන මාතෘකාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලිපි ශීර්ෂයක ජනාධිපතිවරයාගේ අත්සන යැයි විශ්වාස කළ හැකි ආකාරයට යොදන ලද ව්‍යාජ අත්සනක් සහිත ලිපියක් ඉකුත් මස 28 වන දා හෝ ඊට ආසන්න දිනකදී ලංකා බැංකුවේ සභාපතිවරයා වෙත ලැබී ඇති අතර එය ව්‍යාජ එකක් බව බැංකු නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
ඒ අනුව ලංකා බැංකු මූලස්ථානයේ ප‍්‍රධාන කළමනාකරු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කොට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
සැකකරු 37 වන වියේ පසු වන කුරුණෑගල පදිංචිකරුවකු වන අතර ඔහු කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන්බ අනතුරුව ලබන 8 වනදා දක්වා එහි දී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන ඇත.










