• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාටවත් නොකියා පාරවල් වහගෙන අමෙරිකානු යානා දෙකකින් CIA ලොක්කා ලංකාවට ආ ගමනේ සියලු රහස් විශේෂ වීඩියෝවකින් එළියට එයි! අපි හෙළිකරපු ඔක්කොම හරියටම හරි! රාජ්‍ය රහස්! EXCLUSIVE

April 9, 2023
in Exclusive, Rajya Rahas
Reading Time: 22 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ගෝඨාගේ ජනපති අපේක්ෂකයා දිලිත් ජයවීර!

විමල් ‌හෙලිකොප්ටරයෙන් බහියිද? යළි මහින්ද ළගට!

ගම්මන්පිල නම් දැන්මම මහින්දත් එක්ක කතා කරලා!

IMF මගදි අවුල් වෙයිද?

මහින්ද අගමැති සටන ඉදිරියට අරන් යයි!

මීට සති කිහිපයකට පෙර අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් ලබන මැයි-ජුනි මාස වන විට රාජපක්ෂවරුන් විශාල දේශපාලන මෙහෙයුමකට සූදානම් වෙමින් සිටින බව අනාවරණය කළෙමු. ජ්‍යොතිෂයට අනුව රාජපක්ෂවරුන්ට මැයි 07 විශේෂ දිනයක් ලෙස ලබාදී ඇති බවත්, එදිනට යළිත් අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාගැනීම සඳහා තිරය පිටුපස විශාල මෙහෙයුමක් දියත් කරමින් සිටින බවත් එහිදී අපි අනාවරණ කළෙමු. ඊට අමතරව නිතර නිතර චීන තානාපතිවරයා මහින්දගේ නිවෙසට යන එන බවත්, වෙනදා පාළුවට ගොස් තිබූ මහින්දගේ නිවෙසේ දැන් දැන් දීර්ඝ දේශපාලන සාකච්ඡා පැවැත්වෙන බවත් අපි එහිදී සඳහන් කර සිටියෙමු. කෙසේ වෙතත් අපගේ අනාවරණයෙන් පසු මෙම බරපතළ මට්ටමේ සාකච්ඡා තරමක් යට ගියද පොඩි පොඩි දේශපාලන රහස් සාකච්ඡා මේ දිනවල මහින්දගේ විජේරාම නිවෙසේ නිතර නිතර සිදුවන ආකාරයක් දැකගන්නට පුළුවන.

ගම්මන්පිල එක්ක සාකච්ඡාව සාර්ථකයි!

එමෙන්ම මීට සති දෙක තුනකට ඉහතදී තවත් විශේෂ අනාවරණයක් අපි මහින්ද සම්බන්ධයෙන් සිදුකළෙමු. ඒ, මෙතෙක් කල් මහින්ද සමග සිට පසුගිය කාලයේ මහින්දගෙන් ඉවත් වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙපළ පොහොට්ටුවට එක් කරගැනීමේ මෙහෙයුමක් තිරය පිටුපස දියත් වෙමින් ඇති බවය. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමට සූදානම් වන්නේ ඒ පිළිබඳ අලුත්ම තොරතුරකි. අපට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව එම මෙහෙයුම මේ වන විට සාර්ථක අවසානයක් කරා ළඟා වෙමින් පවතින ආකාරයක් දැකගත හැකිය. ඒ අනුව පසුගිය සතියේදී මහින්ද හා උදය ගම්මන්පිල අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පසුබිම සකස් වී තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පනවා ඇති රටට අහිතකර කොන්දේසි, ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය සම්බන්ධයෙන් මෙහිදී මහින්ද හා උදය අතර දීර්ඝව කරුණු සාකච්ඡා වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව එම සාකච්ඡාව අවසන් වී ඇත්තේ ගම්මන්පිලගෙන් ලැබුණු සුබවාදී ප්‍රතිචාර මධ්‍යයේය.

විමල් එක්කත් සාකච්ඡාවක් සූදානම්!

මීට අමතරව මහින්ද හා විමල් අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට තිරය පිටුපස සකස්වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. අතරමැදි පාර්ශ්වයක් හරහා සිදුකෙරෙන ඊට අදාළ පණිවුඩ හුවමාරුවලදී විමල්ගේ පැත්තෙන් ඊට සාධනීය ප්‍රතිචාර ලැබී ඇති බවත්, බොහෝ දුරට ඉදිරි දින කිහිපය ඇතුළත විමල් හා මහින්ද අතරද සාකච්ඡාවක් සංවිධාන වනු ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත.

පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙකුට ගෝඨා එන්න කියයි!

මේ අතර කිසිවකුත් නොදත් තවත් අතිවිශේෂ රහසක්ද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයට ඔස්සේ රටට අනාවරණ කිරීමට අප සූදානම්ය. ඒ, මේ වන විට ජනාධිපතිවරයා සමග ඉතා සමීපව කටයුතු කරන පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී අනාවරණ වූ කරුණක් පිළිබඳවය. මෙම පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරයා පළමුව දේශපාලන ගමන ආරම්භ කළේ මහින්ද රාජපක්ෂත් සමගය. මහින්දට ඉතා සමීපව කටයුතු කළ මේ මන්ත්‍රීවරයා පසුව ගෝඨාභයගේ දේශපාලන ආගමනයත් සමග ගෝඨාට සමීපව දේශපාලනය කළේය. අනතුරුව ගෝඨාගේ පලායෑමෙන් පසුව මේ මන්ත්‍රීවරයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමීපව කටයුතු කරන අතර, ජනාධිපතිවරයාගෙන් ඔහුට විශේෂ තනතුරක්ද පසුගිය කාලයේදී හිමිවිය.

ගෝඨාගේ ජනපති අපේක්ෂකයා ‘දිලිත් ජයවීර’!

කෙසේ වෙතත් පසුගිය සතියේදී මෙම මන්ත්‍රීවරයාට ගෝඨාගෙන් විශේෂ කැඳවීමක් ලැබිණ. ඒ වහාම පැමිණ තමන්ව හමුවන ලෙසටය. ඒ අනුව ගෝඨා හමුවීමට ගිය මෙම පසුපෙළ මන්ත්‍රීවරයාට දීර්ඝ සාකච්ඡාවකින් පසුව ගෝඨා විශේෂ මෙහෙයුමක් භාරදීමට පියවර ගත්තේය. එහිදී ගෝඨා මෙම මන්ත්‍රීවරයාට කියා සිටියේ එළැඹෙන ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ දිලිත් ජයවීර බවත්, එම නිසා එම මතය මේ මොහොතේ සිට පක්ෂය ඇතුළට ගෙන යන ලෙසත්, ඊට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එකඟ කරගන්නා ලෙසත්ය. අප කවුරුත් දන්නා පරිදි දිලිත් ජයවීර යනු වෙන කවුරුවත් නොව ‘දෙරණ’ මාධ්‍ය ජාලයේ හිමිකරුවාය. මාධ්‍ය ජාලයට අමතරව වෙනත් බොහෝ ව්‍යාපාරද දිලිත් ජයවීර සතුය. ගෝඨාව දේශපාලනයට ගෙන ඒමේදී විශාල වැඩකොටසක් කළ අයකු ලෙස දිලිත් ප්‍රකටය. වරක් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දිලිත් ගෝඨා සමග ඇමෙරිකාවටද ගියේය. එමෙන්ම ජනාධිපතිවරණ සටනේදී ගෝඨාව දිනවීම සඳහා දිලිත්ගේ මාධ්‍ය නාලිකාව ඔස්සේ නාග ලෝකයෙන් පැමිණි නයි පවා පෙන්නුවේය. ඒ ආකාරයට දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් කොට ගෝඨා ජයග්‍රහණය කරවීමෙන් පසු ගෝඨා තමන් පත් කළ ජනාධිපති කාර්යසාධක බළකා දෙකකම දිලිත්ව සාමාජිකයකු ලෙස නම්කිරීමටද කටයුතු කළේය. ඒ, කාබනික කෘෂිකර්මය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකායේ සහ නැගෙනහිර ආගමික ස්ථාන පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකායේය. මීට අමතරව දිලිත්ද තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස තරග කරන බවට මේ වන විට නොනිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කොට තිබීමද විශේෂ සිදුවීමකි.

මහින්දගෙන් දිලිත් ගැන අහයි!

ඒ අනුව ගෝඨාගෙන් ලද මෙම පණිවුඩයත් සමග එහි සත්‍ය අසත්‍යතාව විමසීම සඳහා මේ පොහොට්ටු මන්ත්‍රීවරයා ඊට පසු දිනම විජේරාම මාවතට ගොස් මහින්දව මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී මෙම මන්ත්‍රීවරයා කෙළින්ම මහින්දගෙන් විමසා සිටියේ දිලිත්ව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කිරීමට තීන්දුවක් ගෙන ඇතිදැයි කියාය. තමන්ට මෙය ගෝඨා විසින් දැනුම් දුන් බවද මෙම මන්ත්‍රීවරයා මහින්දට දැනුම් දී සිටියේය. මහින්ද ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ තවමත් පොහොට්ටුවේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය ඇතුළේ කිසිවක් සාකච්ඡා වී නැති බවකි.

අපේ අපේක්ෂකයා දිලිත් නෙමෙයිලු!

‘නෑ.. අපි නම් එහෙම එකක් තාම තීන්දු කරලා නෑ. ගෝඨාව අරන් ආවෙත් දිලිත්ලනේ. ජනාධිපති වුණාට පස්සේ ගෝඨාව ආරක්ෂා කළෙත් දිලිත්ලනේ. ඉතින් ඒගොල්ලෝ එහෙම තීරණයක් අරන් තියෙනවද කියන්න දන්නේ නෑ. හැබැයි අපි නම් තාම එහෙම තීන්දුවක් අරන් නෑ….’ යන්න මහින්ද ඊට දුන් පිළිතුර විය. එහිදී එම මන්ත්‍රීවරයා පෙරළා මහින්දගෙන් විමසා සිටියේ එසේ නම් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි කියාය. ඊටද මහින්ද පිළිතුරු දුන්නේ ලිස්සා යන ආකාරයෙනි.

තාම හදිස්සියක් නෑ!

‘තාම ඉතින් ජනාධිපතිවරණයක් තියන්න හිතලාවත් නෑනේ. සමහරු කියනවා මේ අවුරුද්ද අන්තිමට ජනාධිපතිවරණයක් තියනවා කියලා. තව සමහරු කියනවා එහෙම තියන්න මේ ජනාධිපතිවරයට ව්‍යවස්ථාවෙන් බලයක් නෑ කියලා. ඉතින් අපට තාම හදිස්සියක් නෑ ඒ ගැන. අනෙක රනිලුත් දැන් වැඩේ ෂේප් එකේ කරගෙන යනවනේ. ඒ හින්දා අපි ඒක ජනාධිපතිවරණයක් ආවම බලමු. හැබැයි දිලිත් නම් කීයටවත් අපේ අපේක්ෂකයා වෙන්නෙ නෑ…’ යන්න මහින්ද අවසානයේදී දුන් පිළිතුර විය.

අපේක්ෂකයන් ගොඩක් එළියට එයි!

පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරයා හා මහින්ද අතර මෙම සංවාදය සිදුවී දින කිහිපයකට පසු ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීම ජනාධිපතිවරණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් විවිධ කතාබහ කිහිපයක් සිදුවිය. එහිදී වරෙක කංචන කියා සිටියේ මීළඟ ජනාධිපතිවරණයේ පොහොට්ටු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ යැයි කියාය. පසුව කැබිනට් මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන කියා සිටියේ තවම ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති නමුත් රනිල් ඊට සුදුසු යැයි කියාය. පසුව පොහොට්ටු මාධ්‍ය හමුවේදී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා පොහොට්ටුවේ සුදුස්සන් ඕනෑවටත් වඩා සිටිනවා යැයි කියාය. මේ ආකාරයට පොහොට්ටුව පාර්ශ්වයෙන් එකිනෙකට වෙනස් ප්‍රකාශ තුනක් දින දෙක තුනක් ඇතුළතදී එළියට ඒම සහ දිලිත්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ පැතිර යන කතා අතර කිසියම් සබඳතාවක් තිබේදැයි කියන්න දන්නේ නැත.

ජනාධිපතිවරණය මේ අවුරුද්දෙ බෑ!

මේ අතර මැතිවරණ කොමිසමේ හිටපු කොමසාරිස්වරයා වූ මහින්ද දේශප්‍රිය මහතාද පසුගිය සතියේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර තිබිණි. ඒ, මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන වසර අගදී ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බවට පැතිර යන අදහසට පිළිතුරු වශයෙනි. එහිදී ඔහු කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට මේ වසර අවසානයේදී ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාවක් නොමැති බවත්, ඒ සඳහා අවස්ථාව උදා වන්නේ ලබන වසරේ අග භාගයේදී බවත්ය. අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසා බැලිය හැකි බවද මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියේය.

බැසිල් කැම්බල් පුරවන්න සූදානම්!

මේ සියල්ල අතරේ පොහොට්ටුවේ මහමොළකරුවා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල සිටින්නේ පක්ෂයේ සම්පූර්ණ ශක්තිය යොදා මැයි දින උත්සවය පැවැත්වීම සඳහා අවධානය යොමු කරමින්ය. ඒ සඳහා මෙවර බැසිල් තෝරාගෙන ඇත්තේ බොරැල්ලේ කැම්බල් පිටියය. සාමාන්‍යයෙන් පොහොට්ටුව සහ මැයි දිනයේ දේශපාලනය අතර අතීතයේ සිටම විශාල සම්බන්ධයක් තිබිණ. බැසිල් පොහොට්ටුව නිර්මාණය කොට හැමෝම බෑ කියද්දී පළමු වරට මැයි දිනය පැවැත්වීම සඳහා තෝරාගත්තේ ගෝල්ෆේස් පිටියය. එවක බැසිල්ගේ සැලසුම වී තිබුණේ එය සම්පූර්ණයෙන්ම පාක්ෂිකයන්ගෙන් පුරවා විශාල දේශපාලන ගැම්මක් ගන්නටය. හැමෝම ‘බෑ‘ කියද්දී බැසිල් එදා ගෝල්ෆේස් පිටිය පාක්ෂිකයන්ගෙන් පුරවා පෙන්නුවේය. මහින්ද යහපාලන ආණ්ඩුවේ අවසන් භාගයේදී අගමැතිවරයා බවට පත්වූයේ බැසිල් ගත් ඒ දේශපාලන හයියෙන්ය. මෙවරත් බැසිල් පොහොට්ටුවේ මැයි දිනය සඳහා කැම්බල් පිටිය තෝරාගත්තේ මහින්ද අගමැති පුටුවේ වාඩිකිරීම සඳහා දේශපාලන මෙහෙයුමක් තිරය පිටුපස දියත් කරමින් සිටින අතරවාරයේය. ඒ අනුව මෙවර මැයි දිනයෙන් පසු මහින්ද යළිත් වතාවක් අගමැති පුටුවේ වාඩිවනු ඇද්දැයි කියන්න දැන්ම කල් වැඩිය. කෙසේ වෙතත් බැසිල් මැයි දිනයේදී ලොකු ෂෝ එකක් දමන්නට සූදානම් වෙද්දී නාමල්ද මේ වන විට ආසනයෙන් ආසනයට යමින් පොහොට්ටුවේ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

සජබ හයිඩ් පිටියේ!

පොහොට්ටුවට අමතරව සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණද මේ වන විට සිටින්නේ මැයි දිනය සඳහා සූදානම් වෙමිනි. සජබය සුපුරුදු පරිදි ඒ සඳහා කැම්බල් පිටිය වෙන් කිරීමට සූදානම්ව සිටියත් ඒ වන විටත් බැසිල් එය වෙන්කොට තිබීම නිසා සජබය මේ වන විට තීන්දු කොට ඇත්තේ හයිඩ් පිටියේදී මැයි රැලිය පැවැත්වීමටය. ජවිපෙ සුපුරුදු පරිදි කොළඹ බී.ආර්.සී. පිටියේදී සිය මැයි රැලිය පැවැත්වීමට සැලසුම් සකස් කොට අවසානය.

හෙලිකොප්ටරය දෙදරන්න ගනී! විමල්ට බහින්න වෙයි?

මේ අතර හෙලිකොප්ටරය නියෝජනය කරන නිදහස් ජනතා සභාව තුළද මේ වන විට බරපතළ දේශපාලන ගැටුමක් නිර්මාණය වී ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ, විමල් පිල හා ඩලස් පිල අතර නිර්මාණය වී ඇති මතගැටුමක් හේතුවෙනි. පසුගිය දින කිහිපය පුරාම ප්‍රතිපත්තිමය කාරණා උඩ විමල් පිල හා ඩලස් පිල අතර පක්ෂය ඇතුළේ පැවැති සාකච්ඡාවලදී බරපතළ වාද විවාද මතුව තිබිණි. ඊට ජාතිකවාදී දේශපාලන ධාරාව නියෝජනය කරන ගෙවිඳු කුමාරතුංගද සම්බන්ධ වී සිටියේය. විමල්, ගෙවිඳු ඇතුළු කණ්ඩායම දැඩි ජාතිකවාදී ප්‍රතිපත්තියක හිඳිමින් පක්ෂය ඇතුළේ අදහස් දක්වා තිබුණද, ඩලස් ඇතුළු කණ්ඩායම සිටින්නේ මැද මාවතකය. ඒ උඩ පැවැති වාද විවාදවලදී තත්ත්වය කෙතරම් දුරදිග ගියාද කියනවා නම්, ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචි වී ඇති ආකාරයට විමල්, ගෙවිඳු ඇතුළු කණ්ඩායම හෙලිකොප්ටරයෙන් වෙන්ව යන තරමට එය බරපතළ වී ඇති බවක් දැනගන්නට ඇත. විමල්ලා සහ රාජපක්ෂවරුන් අතර නැවත වතාවක් අලුත් සාකච්ඡා වටයක් ආරම්භ වී ඇත්තේද මෙම පසුබිම මැදය. එමෙන්ම මෙම තත්ත්වය යටතේ විමල්ලා යළිත් මහින්ද ළඟට යෑමට ඇති ඉඩකඩද බොහෝය. එසේ වුවහොත් හෙලිකොප්ටරය නියෝජනය කරන ඩලස්, ජී.එල්. ඇතුළු කණ්ඩායමක් ස්වාධීනව සිටිනු ඇති අතර තවත් කණ්ඩායමක් පොහොට්ටුව සමග යළි සන්ධානගත වනු ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

IMF ගැන විශේෂ අධ්‍යයනයක්!

මීට අමතරව පසුගිය සති කිහිපය පුරා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන්ද අතිවිශේෂ කරුණු කාරණා රැසක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ලබන ජුනි මාසයේදී මූල්‍ය අරමුදලේ විශේෂ කණ්ඩායමක් ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත්, ඔවුන් මෙරට සිවිල් සංවිධාන සමග සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවත්ය. මේ ආකාරයට මූල්‍ය අරමුදල ආණ්ඩුව සමග ගිවිසුම්ගත වී පළමු වාරිකය නිදහස් කිරීමට පියවර ගෙන තිබුණත් තවමත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වන සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ වැනි අවශේෂ පක්ෂ මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිබඳ හරිහැටි අධ්‍යයනයක් සිදුකොට ඇද්ද යන්න සැක සහිතය. අප එසේ කියන්නේ මෙම කොන්දේසි මොනවාද යන්න පිළිබඳ විපක්ෂයේ කිසිදු පක්ෂයකින් තවමත් සවිස්තරාත්මක හෙළිදරව්වක් මේ වනතෙක් සිදුකොට නොමැති නිසාය. ඒ නිසාම ඇතැමුන් මෙම කොන්දේසි රටට හොඳ යැයි කියද්දී තවත් බොහෝ පිරිසක් මෙම කොන්දේසි රටට අහිතකර බව ප්‍රකාශ කරමින් සිටින බවක් දැකගන්නට තිබේ.

මැද්දෙදි මේ පාරත් කඩන් වැටෙයිද?

කෙසේ වෙතත් මෙවර අප රාජ්‍ය රහස් තීරයෙන් හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ මෙම කොන්දේසි පිළිබඳව අතිවිශේෂ පුවතකි. ඒ, සුවිශේෂ පුද්ගලයන් දෙදෙනකු මේ වන විට මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිබඳ ඉතා ගැඹුරින් අධ්‍යයනයක නිරත වෙමින් සිටින බවය. මොවුන් දෙදෙනා මේ වන විටත් මූල්‍ය අරමුදල සමග මෙන්ම ලෝක බැංකුව සමගද කිට්ටුවෙන් ගනුදෙනු කරන සහ ආර්ථිකය සම්බන්ධව හසල දැනුමක් සහිත පුද්ගලයන් දෙදෙනෙකි. එමෙන්ම ආණ්ඩුවේ ආර්ථික ව්‍යුහයන් පිළිබඳ ඉතා හොඳින් දන්නා නිලධාරීන් දෙදෙනෙකි. ඒ අනුව ඔවුන් දෙදෙනා මෙම ගිවිසුමේ ඇති වගන්ති එකින් එක ඉතා සියුම් ලෙස අධ්‍යයනය කරමින්, මේ වන විට සවිස්තරාත්මක වාර්තාවක් සකස් කරමින් සිටින බව දැනගන්නට තිබේ. අපට ඇති තොරතුරුවලට අනුව මොවුන් දෙදෙනා ගිවිසුමේ ඇති අතිසංවේදී කරුණු පිළිබඳ තබා ඇති සටහන් විපක්ෂයේ කිසිවකුත් විසින් තවමත් අත තබාවත් නැති වගන්ති බව දැනගන්නට තිබේ. විපක්ෂ නියෝජිතයන් එවැනි අහිතකර වගන්ති මූල්‍ය අරමුදලට සම්බන්ධ ගිවිසුමේ තිබෙනවාද දන්නවාද යන්න පවා සැක සහිතය. ඒ අනුව ඔවුන් මේ දිනවල සිටින්නේ ඊට අදාළ වාර්තාව සකස් කරමිනි. මෙම වාර්තාව ජනතාව අතර ප්‍රසිද්ධ නොකළද, යම් පාර්ශ්වයක් වෙත ලබාදීමේ අරමුණෙන් එය සකස් කරමින් සිටින බවද පැවසේ. අපට ඇති තොරතුරුවල අනුව නම් එම සියුම් වගන්ති දෙස බලන විට මූල්‍ය අරමුදල සමග ඇති වූ ගනුදෙනුව අතරමගදී කඩාවැටීමට ඇති ඉඩකඩ වැඩි බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ තරම් ලංකාවට ඉටුකිරීමට නොහැකි කොන්දේසි සහ බරපතළ කරුණු රැසක් එම ගිවිසුමේ අඩංගු වී ඇති බව දැනගන්නට තිබේ. එමෙන්ම එම වාර්තාව මගින් ඉදිරියේදී ලංකාවේ ආර්ථිකයට වෙන්න යන දේ පිළිබඳවද කරුණු ඇතුළත් බව පැවසෙයි.

කියපු ඩොලර් බිලියන 7 නෑ! මිලියන 350ක් විතරයි!

මීට අමතරව තවත් විශේෂ කරුණක්ද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය. ඒ, මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබීමෙන් පසුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව යන ආයතනවලින් ඩොලර් බිලිමන 07ක ණය මුදලක් ලබාගැනීමට හැකි බවට ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කර තිබූ නිවේදනය පිළිබඳවය. මෙහිදී අදාළ ණය මුදල ලැබීමෙන් පසු කිසියම් ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කොට ඇති බව සත්‍ය කරුණකි. නමුත් එය ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් පැවසූ පරිදි ඩොලර් බිලියන 07කට ආසන්න මුදලක් නම් නොවේ. අපට දැනගන්නට ලැබුණු ආකාරයට නම් මේ වන විට ලෝක බැංකුව ලංකාවට ඩොලර් මිලියන 850ක මුදලක් ලබාදීමට තීරණය කොට තිබේ. ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර මූලික එකඟතාවක් මේ වන විට ඇතිකරගෙන ඇති නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නැත. ඒ අනුව අපට කීමට ඇත්තේ මූල්‍ය අරමුදලේ ණය ලැබීමෙන් පසු ඩොලර් බිලියන 07ක මුදලක් ලැබෙන බවට කී කතාව රනිල් අගමැති ධුරය ලබාගැනීමත් සමග ජපානය ඇතුළු රටවල් කිහිපයකින් ඩොලර් බිලියන 4ක මුදලක් ලැබනෙ බවට කී කතාවට සමාන බවය. රනිල් අගමැති වුවද ජපානයෙන් හෝ වෙනත් රටකින් එක ඩොලරයක් ආණ්ඩුවට ලැබුණේ නැත. අවසානයේදී මූල්‍ය අරමුදල පවා ඩොලර් මිලියන 350ක ණය මුදලක් නිදහස් කළේ රනිල් ජනාධිපති වී මාස ගණනාවක් ගතවීමෙන් පසුවය. නමුත් අද මෙන්ම එදාද රටේ ජනතාව මේ ආකාරයට ඩොලර් බිලියන ගණන් රටට ලැබෙන බවට ආණ්ඩුවේ ඇතැමුන් කළ ප්‍රකාශ හිස් මුදුණෙන් පිළිගත්හ. නමුත් ඒ අවස්ථාවේදීද අප කියා සිටිය් ආණ්ඩුව එසේ කීවද ජපානයෙන් කිසිදු ඩොලරයක් ලංකාවට නොලැබෙන බවය. අප කී අනෙක් සියලු කරුණු මෙන්ම එම කරුණද එදා ඇස් පනාපිට සනාථ විය. ඒ අනුව මෙවර අප කියා සිටින්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය ඩොලර් බිලියන 07ක් ලෝක බැංකුව ඇතුළු අනෙකුත් ආයතනවලින් ලැබෙන බව කියා සිටියද ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 350ක් පමණක් ලැබෙන බවය.

වැඩිය චූන් වෙන්න යන්න එපා!

සාමාන්‍යයෙන් ආසියානු සංවර්ධන බැංකුව ලබාදෙන්නේ ලෝක බැංකුව ලබාදෙනවාට වඩා අඩු මුදලක් බැවින් එය ඩොලර් මිලියන 350ට අඩු වනු ඇත. නමුත් තවමත් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය මුදල පිළිබඳ නිශ්චිත සඳහනක් නැත.
මෙම සියලු තත්ත්වයන් මැද්දේ පසුගිය සතියේ ආණ්ඩුව ජනතාවට තාවකාලික චූන් එකක් ලබාදෙමින් තෙල් මිල අඩු කළේය. ගෑස් මිල අඩු කළේය. ජනතාවට ලබාදෙන තෙල් කෝටාව වැඩි කළේය. මේ නිසා ජනතාව තාවකාලික සහනයක් ලැබුවද මේ වනවිට නැවත වතාවක් ලෝක වෙළෙඳපොළේ බොර තෙල් සහ ගෑස් මිල ගණන් ඉහළ යමින් තිබේ. එමනිසා ආණ්ඩුව දුන් මෙම සහනය තව කොපමණ දිනක් පවතීද යන්න සැකසහිතය.

අමෙරිකන් රහස් ප්‍රධානියාගේ ගමන ගැන අපි කලින්ම එළිකළා!

මීට සති කිහිපයකට ඉහතදී ලංකාවේ කිසිදු මාධ්‍යයක් හෙළි නොකළ අතිවිශේෂ පුවතක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කරමින් අප කියා සිටියේ ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවාව වූ සී.අයි.ඒ.හි ප්‍රධානියා ඇතුළු විශේෂ කණ්ඩායමක් ඉතා රහසිගතව ලංකාවට පැමිණ පැය කිහිපයක් ගතකිරීමට කටයුතු කළ බවකි. මෙම කණ්ඩායමට ‘ඒෂියා පැසිෆික් කමාන්ඩ්’ එකේ ප්‍රධානීන්ද ඇතුළත් වූ බවත්, ඔවුන් පැමිණි අතිවිශේෂ ගුවන් යානා දෙක කටුනායක ගුවන් තොටුපළේ නවතා තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපත් අපි එහිදී පළකිරීමට පියවර ගත්තෙමු. එපමණක් නොව මෙම පිරිස ලංකාවට ඇතුළු වූ ආකාරය රහසිගතව තබාගැනීම සඳහා කටුනායක ආගමන විගමන ඒකකයේ පවා කිසිදු සාක්ෂියක් සටහන් නොවූ බවත්, කටුනායක සිට මෙම පිරිස අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට පැමිණීමේදී අධිවේගී මාර්ගය කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වසාදැමුණු බවත් එහිදී අපි වැඩිදුරටත් අනාවරණ කළෙමු. ඒ අවස්ථාවේ අප මෙම සියලු අනාවරණයන් කළේ ඉතා ප්‍රවේශම්සහගත ලෙස වචන භාවිත කරමිනි.

ඉන්දීය වීඩියෝවකින් සියල්ල එළියට එයි!

මීට අමතරව අප තවත් විශේෂ කරුණක්ද එහිදී සඳහන් කළෙමු. ඒ, මෙම පිරිස ලංකාවට පැමිණ ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවය. එහිදී අප කියා සිටියේ කටුනායක ගුවන් තොටුපළට අවශ්‍ය ජෛව තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට අදාළ යෝජනාවක් එම පාර්ශ්වයෙන් ඉදිරිපත්ව තිබූ බවකි. කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී එම පාර්ශ්වයෙන් හෝ ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මේ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් සිදු නොවුනු නිසා එම මාතෘකාව යටගියද මේ වන විට අප කී ඒ සියලු කරුණු තහවුරු වී ඇති වීඩියෝවක් එළියට පැමිණ තිබීම විශේෂ සිදුවීමකි. ඒ අනුව අපගේ තොරතුරු 100%ක්ම එම වීඩියෝව මගින් තහවුරු කර තිබීම පිළිබඳ අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක් බවද මෙහිදී සඳහන් කළ යුතුය.

වීඩියෝව දැම්මේ මේජර් මදන් කුමාර්!

මෙම වීඩියෝව නිකුත් කොට තිබුණේ ඉන්දියාවේ ප්‍රකට ආරක්ෂක විශ්ලේෂකයකු ලෙස කටයුතු කරන මේජර් මදන් කුමාර් නමැත්තෙකි. ඔහු කලක් ඉන්දීය හමුදාවේ සේවය කළ කීර්තිමත් නිලධාරියෙකි. ඒ අනුව පසුගිය දිනෙක අතිවිශේෂ වීඩියෝවක් නිකුත් කළ මේජර් මදන් කුමාර්, ලංකාවට ඉතා රහසිගතව පැමිණි ඇමෙරිකානු ඔත්තු සේවයේ ප්‍රධානියා ඇතුළු කණ්ඩායමේ ගමන පිළිබඳ විශේෂ තොරතුරු රැසක්ම අනාවරණ කළේය. මදන් කුමාර් පෙන්වා දෙන්නේ සී.අයි.ඒ. ප්‍රධානියා වන බිල් බර්න්ස් ඇතුළු කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් ලංකාවට පැමිණිම පිළිබඳ ඉන්දියාව පවා මුලින් දැන නොසිටි බවත්, ඔවුන් පවා ඒ පිළිබඳ දැනගත්තේ ඇමෙරිකානු විශේෂ ගුවන් යානා දෙකකට ඉන්දීය ගුවන් කලාපයට ඇතුළු වීමට අවසර දෙන ලෙස ඉල්ලමින් ඉන්දීය රජයට කළ දැනුම් දීමත් සමග බවත්ය. ඒ අනුව වහා ක්‍රියාත්මක වී ඇති ඉන්දීය රහස් ඔත්තු සේවා මෙම ඇමෙරිකානු ගුවන් යානා දෙක හදිසියේම ඉන්දීය ගුවන් කලාපයට පැමිණෙන්නේ ඇයි, ඔවුන්ගේ ගමනාන්තය කොහේද, එම යානාවල පැමිණෙන්නේ කවුද යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ. එහිදී මෙම අමෙරිකානු යානාවල පැමිණෙන්නේ සී.අයි.ඒ. ප්‍රධානී බිලී බර්න්ස් බවත්, ගමනාන්තය ලංකාව බවත් අනාවරණ කරගැනීමත් සමග ඉන්දියාවද මෙම ගමන පිළිබඳ ඉතා සීරුවෙන් සිටි බව මේජර් මදන් කුමාර් සිය වීඩියෝවෙන් අනාවරණ කොට ඇත.

අපි කියපු ඒවා ඒ විදිහටම කියනවා!

මීට අමතරව අප එදා කළ අනාවරණය තහවුරු කරමින් මේජර් මදන් කුමාර් පෙන්වා දෙන්නේ සී.අයි.ඒ. ප්‍රධානියාට අමතරව ඒෂියා පැසිෆික් කමාන්ඩ් එකේ නියෝජිතයන්ද ඇතුළුව 21 දෙනකු මෙම කණ්ඩායමට ඇතුළත් වූ බවත්, ඔවුන් කටුනායක ආගමන විගමන ඒකකය මඟහැර ලංකාවට ඇතුළු වූ බවත්, කටුනායක අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා එම කණ්ඩායම කොළඹට රැගෙන පැමිණි බවත්ය.

බර්න්ස්ගේ යෝජනා මෙන්න!

කොළඹදී පැවැති සාකච්ඡාවලදී සිදුවූ කරුණු පිළිබඳ අනාවරණ කරමින් මේජර් මදන් කුමාර් කියා සිටින්නේ එම කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළට නව ජෛව තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීමට යෝජනා කර ඇති බවත්, මෙම අතිනවීන ජෛව තොරතරු පද්ධතිය ඇමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස ලබාදිය හැකි බවත් යෝජනා කොට ඇති බවත්ය. එවැනි පද්ධතියක් ස්ථාපිත කළහොත් ලංකාවට ඇතුළු වන සහ පිටවන ඕනෑම පුද්ගලයකුගේ තොරතුරු එසැණින් ඇමෙරිකාවේ පෙන්ටගනයට ලබා ගත හැකි බවද මේජර් මදන් කුමාර් සිය වීඩියෝව මගින් අනාවරණ කර ඇත.

තවත් යෝජනා දෙකක්!

මීට අමතරව සී.අයි.ඒ. ප්‍රධානියා තවත් යෝජනා දෙකක්ද ලංකා බලධාරීන් වෙත ඉදිරිපත් කොට ඇති බව මේජර් මදන් කුමාර් පෙන්වා දෙයි. ඉන් එක් යෝජනාවක් වී ඇත්තේ ලංකාවේ සිට වෙනත් රටවලට මුහුද යටින් රැහැන් මගින් දිවෙන නව කේබල් පද්ධතියක් ලබාදිය හැකි බවය. අනෙක සබ්මැරීන්වල තොරතුරු දැනගත හැකි නව පද්ධතියක්ද ලබාදිය හැකි බවය. එවිට ඒ සියලු තොරතුරු පෙන්ටගනයට ලබාගත හැකි බවද ඔහු පෙන්වා දෙයි. මේ දෙකම ප්‍රදානයක් ලෙස ලබාදිය හැකි බව ඇමෙරිකානු නියෝජිතයන් දැනුම් දී ඇති බවද මේජර් මදන් කුමාර් සිය වීඩියෝව මගින් පෙන්වා දී තිබේ. මීට අමතරව මේ ගමන පිළිබඳ තවත් විස්තර රැසක්ද මෙම වීඩියෝවේ අන්තර්ගතය.

ඉන්දියාව තවම සද්දයක් නෑ!

එමෙන්ම මේජර් මදන් කුමාර් පෙන්වා දෙන්නේ මේ ඇමෙරිකානු නියෝජිතයන්ගේ රහස් ගමන පිළිබඳ ඉන්දීය රජයද මේ වන විට පූර්ණ ලෙස දැනුවත්ව ඇති බවකි. නමුත් මේ වන තෙක් ඉන්දීය රජය මේ පිළිබඳ නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකොට නොතිබීමද විශේෂ සිදුවීමකි. ඇමෙරිකාව ලංකාව සමග ඍජු සබඳතා ගොඩනගාගැනීම මෙහි මූලික අරමුණ වී ඇති බවද මදන් කුමාර් මෙහිදී අනාවරණ කොට ඇත.

අමෙරිකාවෙන් ඉන්දියාවට ප්‍රහාර!

කෙසේ වෙතත් මෙම ඇමෙරිකානු නියෝජිතයන්ගේ රහස් ලංකා ගමනින් පසු තවත් විශේෂ සිදුවීම් කිහිපයක්ම වර්ධනය වෙමින් පවතින ආකාරයක් දැකගත හැකිය. ඉන් පළමු සිදුවීම වී ඇත්තේ ඇමෙරිකාව හා ඉන්දියාව අතර යම් යම් මතගැටුම් මතුවෙමින් පැවතීමය. ඒ අනුව ඉන්දියාවේ මෝදි රජයට ඇමෙරිකානු මාධ්‍යවලින් පහර එල්ල වීමට පටන්ගෙන ඇති අතර, බටහිර රටවල මාධ්‍ය රැසක්ද මේ වන විට ඉන්දියාව ඉලක්ක කර පහර දෙන ආකාරයක් දැකගත හැකිය. මීට ප්‍රතිචාර දක්වමින්දෝ මෙතෙක් ඇමෙරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ මෝදි රජයද රුසියාව සමග සම්බන්ධතා වැඩිදියුණු කරගැනීමේ මාර්ගයකට අවතීර්ණ වී තිබේ. ඊට හේතු වී ඇත්තේ ඇමෙරිකාව ලංකාව සම්බන්ධයෙන් කර ඇති මෙම යෝජනාවට ඉන්දියාව අකැමැත්තෙන් සිටීමය. මන්ද යත් ඉන්දියාව සිතන්නේ ලංකාවේ ඇති කේබල් තොරතුරු පද්ධතියට සහ සබ්මැරීන් තොරතුරු පද්ධතියට පිවිසීමේ හැකියාව ඇමෙරිකාවට ලබාදුනහොත් එය ඉන්දියාවට මහත් ගැටලුවක් වනු ඇති බවකි.

මහින්ද කාපු පරිප්පුවම අයෙත් ‌කන්න වෙයිද?

මේ හා සමානම ප්‍රශ්නයකට 2015දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයටද මුහුණ දීමට සිදුවිය. එහිදී සිදුවූයේ ඉන්දියාවේ දැඩි විරෝධය නොතකා මහින්ද චීන සබ්මැරීන් දෙකකට ලංකාවට පැමිණීමට අවස්ථාව ලබාදීමය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ලංකාව හා ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් වර්ධනය වී මහින්දගේ ආණ්ඩුවට ගෙදර යන්න සිදුවීමය. මෙවර ඇමෙරිකාව මුල් කරගෙන ආණ්ඩුව ඉන්දියාව සමග ගැටුමක් නිර්මාණය කරගැනීමට පෙර මහින්දගේ ආණ්ඩුවට සිදුවූ මේ දෙයද සිහියේ තබාගැනීම වටී. මන්ද කලාපයේ බලවතා මෙන්ම ආසන්නතම අසල්වැසියා වන ඉන්දියාව සමග එකට යන ගමනක් විනා ඉන්දියාවෙන් තොර ගමනක් පිළිබඳ සිතීම පවා ලංකාවට අවාසිදායක නිසාය.

නේපාලය ‌හදිස්සියේම දොර වැහුවේ ඇයි?

අවසන් වශයෙන් මේජර් මදන් කුමාර් සිය වීඩියෝව මගින් හෙළිකර ඇති තවත් කරුණක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ, ලංකාවට පැමිණි ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා ඇතුළු කණ්ඩායමේ ඊළඟ ගමනාන්තය පිළිබඳවය. එහිදී ඔවුන් යෑමට නියමිතව තිබුණේ දකුණු ආසියාවේ තවත් රටක් වන නේපාලයේ කත්මන්ඩු නුවරටය. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කොට තිබුණත් අවසන් මොහොතේදී නේපාලය විසින් එම සංචාරය අත්හිටුවීමට පියවර ගැනිණි. එහිදී නේපාලය පැත්තෙන් කියැවුණේ චීන විශේෂ නියෝජිතයන් පිරිසක් නේපාලයට පැමිණ සිටින බැවින් ඇමෙරිකානු සංචාරය අත්හිටුවීමට පියවර ගත් බවකි. නමුත් මේජර් මදන් කුමාර්ගේ වීඩියෝව බැලීමේදී හැඟී යන්නේ ප්‍රබල රටකින් නේපාලයට ආ ප්‍රබල බලපෑමක් හේතුවෙන් ඇමෙරිකානු සී.අයි.ඒ. ප්‍රධානියා ඇතුළු කණ්ඩායමට නේපාලයේ දොර අවසන් මොහොතේ වැසුණු බවකි.

ඡන්දෙට මොකද වෙන්නේ?

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට වගකිව යුතු සියලු පාර්ශ්වයන් කටයුතු කරමින් සිටින්නේ ඇල්මැරුණු ස්වභාවයකිනි. විශේෂයෙන් මැතිවරණ කොමිසම වරින් වර ඒ පිළිබඳ සාකච්ඡා කැඳවා ඇති නමුත් මැතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කළ යුතු භාණ්ඩාගාර ලේකම්වරයා ඒ පිළිබඳ කිසිදු වචනයක් කතා කරන්නේ නැත. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ යුතු මුද්‍රණාලයාධිපතිනියද කියන්නේ මුදල් ලැබෙනතුරු ඒවා මුද්‍රණය කරන්නේ නැතැයි කියාය. දිනපතාම දේශපාලන රැස්වීම් පැවැත්වූ දේශපාලන පක්ෂද ඒවා අඩුකොට ඇති අතර ජනතාවගේ ඡන්ද උනන්දුවද මේ වන විට අඩුවී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.

තීන්දුව මග එනවා!

කෙසේ වෙතත් ලබන මැයි 26 වැනිදා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේ්‍රෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවට අදාළ තීන්දුව ලැබීමට නියමිතය. අධිකරණය මගින් කලින් ලබාදී තිබූ මැතිවරණය සම්බන්ධ තීන්දුව ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව සජබය හා ජවිපෙ විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව ගොනුකොට ඇති අතර අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් මගින් එහි තීන්දුව ලබාදීමට නියමිතය.

ආසියාවේ දීපු තීන්දු!

ලංකාවේ මෙන්ම පසුගිය දිනවලදී ඉන්දියාවේ හා පාකිස්තානයේද දකින්නට ලැබුණේ මේ හා සමානම සිදුවීම්ය. ඉන්දියාවේද ප්‍රාන්ත මැතිවරණය කල්දැමීමට සූදානම් වන විට එරට විපක්ෂය අධිකරණයේ පිහිට පැතූ අතර ඉන්දීය අධිකරණය ඒ සඳහා අවස්ථාව ලබාදීමට පියවර ගත්තේය. පසුගියදා පාකිස්තානයේද මුදල් නොමැති බව පවසමින් ප්‍රාන්ත දෙකක මැතිවරණය නොපැවැත්වීමට තීන්දු කළද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ වහාම මැතිවරණය පවත්වා අවසන් කරන ලෙසටය. ඒ අනුව බොහෝ දෙනා බලා සිටින්නේ ලබන මැයි 26 වැනි දින මැතිවරණය සම්බන්ධයෙන් මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව පිළිබඳවය.

ඡන්දය අගෝස්තුවේ!

මේ අතර කලින් සතියේදී අප අනාවරණ කළ පරිදිම මැතිවරණය පැවැත්වීම මුල් කරගෙන විවිධ පාර්ශ්වවලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට එල්ල වෙමින් තිබෙන පීඩනය සහ බලපෑමද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. එම බලපෑම්වලින් කියැවෙන්නේ ලංකාවට ආධාර ලබාදීමේදී මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය පිළිබඳවද අවධානය යොමු කරන ලෙසටය. ඒ බව දන්නා නිසාදෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් ණය දෙන ආයතනවලට දැනුම් දී ඇත්තේ ලබන අගෝස්තු මාසයේ මුල් සතිය වන විට පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් කිරීමට තමන් සූදානම් බවකි. ඒ නිසා ‘ඡන්ද නෑ.. ඡන්ද නෑ…’ කියමින් මතුරන කණ්ඩායම්වලට අපට කීමට ඇත්තේ අගෝස්තු වන විට මැතිවරණය පැවැත්වීමට නියමිත බවත්, දැන් තියාම ඊට සූදානම් වන ලෙසත්ය.

ගහපු බොරු අතේ පත්තු වෙයි!

පසුගිය මාස කිහිපයේදී ආණ්ඩුවට අභියෝගයක් එල්ල වන සෑම අවස්ථාවකදීම එම අභියෝගය යටපත් කිරීම සඳහාත්, ජනතා අවධානය වෙනතකට යොමුකිරීම සඳහාත් ආණ්ඩුව කෝකටත් තෛලය ලෙස යොදාගත්තේ සජබයෙන් මන්ත්‍රී කණ්ඩායමක් ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එක්වන බවට වූ පුවතය. එක් වතාවක් දෙවතාවක් නොව හය හත් වතාවක්ම පසුගිය මාස කිහිපය ඇතුළත ආණ්ඩුව මෙම පුවත තමන්ට හිතවත් මාධ්‍යවල ප්‍රචාරය කිරීමට කටයුතු කළේය. ඒ සෑම අවස්ථාවකදීම ‘මව්රට’ නම් කියා සිටියේ මෙම පුවත අසත්‍යයක් බවත්, සජබයෙන් කිසිවකුත් ආණ්ඩුවට එක්වීමට සූදානම් නැති බවත්ය.

ඩේලිමිරර් ගහපු අලුත්ම බොරුව!

කෙසේ වෙතත් පසුගිය 04 වැනිදා පැවැති පාර්ලිමේන්තු දිනය ඉලක්ක කරගෙන ඊට දින කිහිපයක් තබා සමාජ මාධ්‍ය ජාල සහ ප්‍රධාන පෙළේ සියලු මාධ්‍ය උපයෝගී කොට ගෙන දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කොට තිබුණු ආකාරයක් දැකගත හැකි විය. එම මාධ්‍ය මෙහෙයුමෙන් කියැවුණේ 04 වැනිදා සජබ මන්ත්‍රීවරුන් 40 දෙනකු ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටිනවා යැයි කියාය. ප්‍රධාන පෙළේ පුවත්පත්ද, විiුත් මාධ්‍යද, සමාජ මාධ්‍ය ජාල රැසක්ද මෙම පුවත වරින්වර කෙතරම් ප්‍රචාරය කළාද කියනවා නම් මුළු රටම සිතා සිටියේ පාර්ලිමේන්තුව පැවැති ඉකුත් 04 වැනිදා සජබයේ විශාල පළුවක් ගලවාගෙන ආණ්ඩුවට එක්වනු ඇතැයි කියාය. එය තවදුරටත් තහවුරු කරමින් 04 වැනිදා එජාප නියෝජ්‍ය නායක සහ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ පවුලට අයත් ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවත මගින් තවත් අතිවිශේෂ ප්‍රවෘත්තියක් හෙළිකිරීමට පියවර ගෙන තිබිණි. එම පුවතෙන් අනාවරණ කර තිබුණේ එදින හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ ඉරාන් වික්‍රමරත්න ආණ්ඩුවට එක්වීමට නියමිත බවත්, කබීර් හෂීම් ප්‍රතිපත්ති සම්පාදක ඇමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇති බවත්ය. එමෙන්ම හර්ෂට ලබාදෙන ඇමැතිකම පිළිබඳ අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත්, ඉරාන් ඇමැතිකමක් නොමැතිවම ආණ්ඩුවට එක්වන බවත් එම පුවත මගින් වාර්තා කොට තිබිණි. ඒ අනුව ඩේලිමිරර් පුවත්පතේ මෙම පුවත විශ්වාස කළ බොහෝ දෙනා එදින සජබයේ ආර්ථික විශේෂඥයන් තිදෙනාම ආණ්ඩුවට එක්වන ආකාරය බලාගන්නට සූදානමින් සිටියහ.

බොරුව ඔප්පු කර පෙන්වයි!

කෙසේ වෙතත් අඟහරුවාදා පෙරවරුවේම එම පුවත දුටු සජිතුත්, හර්ෂත්, ඉරානුත් වහාම ට්විටර් පණිවුඩ තබමින් ඩේලිමිරර් පුවත්පතේ සදාචාරාත්මක නොවන මාධ්‍ය කලාව හෙළාදැකීමට පියවර ගෙන තිබිණි. පසුව ඉරාන්ද ට්විටර් පණිවුඩයක් තබමින් ඩේලිමිරර් පුවත්පත දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් එදිනද ඩේලිමිරර් පුවත්පත පළකළ පුවත පමණක් නොව, 20ක් යනවා, 40ක් යනවා යැයි කියමින් අනෙකුත් මාධ්‍යද ගෙනගිය ප්‍රචාර සම්පූර්ණ අසත්‍යයක් බවට පත්කරමින් සජබයේ කිසිදු මන්ත්‍රීවරයකු ආණ්ඩුවට එක්වන ආකාරයක් දැකගන්නට නොලැබිණි.
මේ ආකාරයට සජබයෙන් මන්ත්‍රීවරු බිලී බාගැනීමේ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් වෙද්දී මිලියන ගණන් ගෙවා මන්ත්‍රීවරු බිලී බාගැනීමේ තවත් ව්‍යාපාරයක්ද තිරය පිටුපස දියත් වන ආකාරයක් දැකගත හැකි විය. මේ බව පළමු වතාවට අනාවරණ වූයේ කිසියම් පාර්ශ්වයකින් සජබ තරුණ මන්ත්‍රීවරයකු වෙත කර තිබූ දැනුම් දීමක් හරහාය. එහිදී මෙම මන්ත්‍රීවරයාට කතාකර තිබුණේ, පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ තරුණ ව්‍යාපාරිකයෙකි. මීට අමතරව එජාපයට සම්බන්ධ ප්‍රබලයකුද මෙම මන්ත්‍රීවරයාට කතාකර කියා තිබුණේ ආණ්ඩුවට එක්වනවා නම් මිලියන 200ක මුදලක් ලබාදිය හැකි යැයි කියාය.

මිලියන 200ක් දෙන්නම් කී තරුණ ව්‍යාපාරිකයා කව්ද?

පසුව සජිත්ට කතා කළ මෙම තරුණ මන්ත්‍රීවරයා ඒ බව දැනුම් දෙද්දී සජිත් පෙරළා අසා සිටියේ එය තහවුරු කිරීමට සාක්ෂි තිබෙනවාදැයි කියාය. එවිට තරුණ මන්ත්‍රීවරයා තමන් එම දුරකතන ඇමතුම් පටිගත කළ බව කියද්දී සජිත් පෙරළා අසා සිටියේ තමන් මෙම තොරතුරු ප්‍රසිද්ධියේ කියන්නදැයි කියාය. එවිට මන්ත්‍රිවරයා කියා සිටියේ එහි කිසිදු ගැටලුවක් නැතැයි කියාය. ඒ අනුව එදිනම සජිතුත්, සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරත් මාධ්‍ය හමු පවත්වමින් ආණ්ඩුව මිලියන 200ක් ගෙවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලී බාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව රටට අනාවරණ කොට සිටියහ. මෙම හෙළිදරව්වත් සමග මුදල් ලබාදෙන බව කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කළ පුද්ගලයන්ද එක් වරම නිහඬ වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

මැයි රැලිය හයිඩ්පාක් ආ හැටි!

මෙම පසුබිම මධ්‍යයේ පසුගිය සතියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී පළමුව අවධානය යොමු කෙරුණේ මැයි දින රැලිය පවත්වන ආකාරය සම්බන්ධයෙන්ය. ඒ සඳහා සුපුරුදු පරිදි කැම්බල් පිටිය යොදාගැනීමට උත්සාහ කළත් පොහොට්ටුව කල් තියාම එය වෙන් කරගෙන තිබූ බැවින් වෙනත් ස්ථානයක් තෝරාගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්විණි. එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේ සජබ මැයි දින රැලිය පැවැත්විය යුතු යැයි කියාය. නමුත් බොහෝ දෙනෙක් ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වමින් කියා සිටියේ එම පිටිය ඉතා කුඩා එකක් බවත්, එම ස්ථානයට ළඟාවීමේදීද විවිධ ගැටලු පැනනගින බවත්ය. ඒ අනුව ඔවුන්ගේ තර්කය වූයේ සියල්ලන්ටම පහසුවෙන් ළඟාවිය හැකි ලෙස කොළඹ මැද පිහිටි හයිඩ් පාක් පිටිය මේ සඳහා සුදුසු යැයි කියාය. ඒ අනුව අවසානයේදී හයිඩ් පිටියේදී සජබ මැයි රැලිය පැවැත්වීමට පිරිස තීන්දු කළහ.

ත්‍රස්ත පනතට සියල්ලන්ම විරුද්ධ වෙයි!

ඉන් අනතුරුව සාකච්ඡාවට බඳුන් වූයේ මේ දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් මාතෘකාවක් වූ ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳවය. සජිත් ද ඒ වන විට මෙම පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබූ අතර, එම කමිටු වාර්තාවද එදින මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට භාරදීමට එම නීතිඥවරුන් පියවර ගෙන තිබිණි. මෙහිදී එම නීතිඥවරුන් කරනු ලැබ තිබූ සියුම් අධ්‍යයනයෙන් අනාවරණ කර තිබුණේ කලින් ත්‍රස්ත විරෝධී පනතේ තිබූ වගන්ති දෙකක් නව පනත මගින් නිවැරැදි කර ඇති නමුත් කලින් පනතේ තිබූ තවත් වගන්ති තුනකට විවිධ අහිතකර කොටස් එකතු කර එය තවත් ශක්තිමත් කොට ඇති බවය. ඒ අනුව වෘත්තීය සමිති, මාධ්‍ය, දේශපාලන පක්ෂවලට මේ හරහා දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවද එම කමිටුව මගින් අවධාරණය කොට තිබිණි. ඒ අනුව සියලු දෙනාම පෙන්වා දුන්නේ පක්ෂයක් ලෙස ඊට විරුද්ධ විය යුතු බවය.

රාජිත විතරක් පනතට කැමැත්ත දෙයි!

කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු හාස්‍යජනකම සිදුවීම වූයේ වෙනදාට මර්දනකාරී අණපනත් වෙනුවෙන් පෙනී නොසිටි රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවේ මෙම අලුත් ත්‍රස්ත පනත වෙනුවෙන් පක්ෂව අදහස් දැක්වීමය. එහිදී මන්ත්‍රීවරු සියලු දෙනාම පාහේ රාජිතට එරෙහිව අදහස් දැක්වීම නිසා කිසියම් උණුසුම් තත්ත්වයක්ද මතුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් අවසානයේදී මන්ත්‍රීවරු කියා සිටියේ, ‘රාජිත මන්ත්‍රීතුමාට ඕනෙ නම් මේ පනතට සහාය දෙන්න. හැබැයි අපිට නම් මේකට අත උස්සලා පාරේ බැහැලා යන්න බෑ’ කියාය. ඒ අනුව සජබය අවසාන වශයෙන් තීන්දු කළේ මෙම පනතට විරෝධය පළ කිරීමටත්, අධිකරණයට හමුවේ එම පනත අභියෝගයට ලක්කිරීමටත්ය.

ඩයනාට පෙරළිච්ච බාල්දිය!

ඩයනා ගමගේ මහත්මිය කාලයෙන් කාලයට විවිධ ප්‍රවෘත්ති මවන ආන්දෝලනාත්මක චරිතයකි. පසුගිය කාලයේදී ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ගංජා නීතිගත කළ යුතු බවට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව නිසාය. එමෙන්ම ඇගේ විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන්ද මේ වන විට අධිකරණය ඉදිරියේ විශේෂ නඩු කටයුත්තක් විභාග වෙමින් පවතී. පසුගිය සතියේදී ඩයනා සම්බන්ධයෙන් තවත් විශේෂ සිදුවීමක් වාර්තා විය. ඒ, උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කරන පාර්ලිමේන්තු කාරක සභාවේදීය. මෙහිදී රැස්වීමට මඳක් ප්‍රමාදව පැමිණි නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් පැහැදිලි කරගෙන යද්දී ඩයනා ඊට විරෝධය පළකළ ආකාරයක් දැකගත හැකි විය. ඩයනාගේ විරෝධයට පදනම වූයේ පසුව පැමිණි පිරිස් හට අදහස් දැක්වීමට ඉඩ දෙනවාට වඩා රැස්වීමේ මුල සිට සිටි අයට අදහස් දැක්වීමට අවස්ථාව සැලසිය යුතු යැයි කියාය. නමුත් චන්දිම, විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල නිරත අයට විදේශ රැකියාවලට යා හැකි පරිද්දෙන් වෘත්තීය සහතිකයක් නිකුත් කළ යුතු බවට වූ තම අදහස කාරක සභාව හමුවේ පැහැදිලි කරමින් සිටියේය. කෙසේ වෙතත් ඩයනා ඊට දිගින් දිගටම විරෝධය පළකිරීම හේතුවෙන් චන්දිමගේ යෝජනාවට බාධා පැමිණි අතර, අවස්ථා කිහිපයකදීම කමිටු සභාපති විජයදාස රාජපක්ෂ මහතාද ඩයනාට එරෙහිව අදහස් පළ කළ ආකාරයක් දැකගත හැකි විය. නමුත් ඩයනා විජයදාසටද එරෙහිව යමින් දිගින් දිගටම අදහස් දැක්වීම හේතුවෙන් අවසානයේදී විජයදාස ඩයනාට රැස්වීමෙන් පිටව යන ලෙස දැනුම් දීමට කටයුතු කළේය. අවසානයේදී ඩයනාට සිදුවූයේ රැස්වීමෙන් පිටව යන්නටය.

ගෝඨා අලුත් නිවහනකට!

පසුගිය සතියේ නිල නිවාස දෙකක් සම්බන්ධයෙන් විශේෂ කතා දෙකක් දේශපාලන ක්ෂේත්‍රයේ සාකච්ඡාවට බඳුන්ව තිබිණි. ඉන් එකක සිදුවූයේ මෙතෙක් කල් තිබූ නිල නිවෙසක් රජයට භාර දීමය. අනෙක් සිදුවීමේ දැකගන්නට ලැබුණේ රජය සන්තකයේ තිබූ ප්‍රධාන පෙළේ සුපිරි නිල නිවෙසක් රජය විසින් විශේෂ පුද්ගලයකුට භාරදීමය. පළමු සිදුවීමට සම්බන්ධ වූයේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වූ හේමා ප්‍රේමදාස මැතිනියය. දෙවැනි සිදුවීමට සම්බන්ධ වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය.

හේමා ගේ බාරදෙයි!

පළමු සිදුවීමේදී වූයේ හේමා ප්‍රේමදාස මහත්මිය තමන්ට රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු ලබාදී තිබූ නිල නිවෙස ආණ්ඩුවට භාරදීමට පියවර ගැනීමය. ඉතා දීර්ඝ කාලයක් මෙම නිල නිවෙස රජයෙන් ඇයට ලබාදී තිබුණද ඇය කිසි දිනෙක එය භාවිතයට ගෙන තිබුණේ නැත. ඒ වෙනුවට ඇය පදිංචිව සිටියේ විජේරාම මාවතේ පිහිටි ඇයට අයත් පෞද්ගලික නිවෙසකය. කෙසේ වෙතත් පසුගිය සතියේදී ඇය නිල වශයෙන් එම නිල නිවෙස ආණ්ඩුවට භාරදීමට පියවර ගැනීම විශේෂ සිදුවීමකි.

ගෝඨාට මහින්දගේ ගෙදර!

ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ගෝඨාභය එතෙක් කල් පදිංචිව සිටියේ බෞද්ධාලෝක මාවතේ පිහිටි ආණ්ඩුවට අයත් නිල නිවෙසකය. නමුත් දැඩි ඝෝෂාකාරී පරිසරයක එම නිවෙස පිහිටීම හේතුවෙන් අවස්ථා ගණනාවකදීම ගෝඨා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසට පැමිණීමෙන් පසු ඔහු එතෙක් වාසය කළ බුලර්ස් මාවතේ පිහිටි නිල නිවෙස තමන්ට ලබාදෙන ලෙසය. නමුත් එම ඉල්ලීම ඉටු නොවූ තැන මීට සති කිහිපයකට ඉහතදී ගෝඨා මිරිහානේ පිහිටි තමන්ගේ පෞද්ගලික නිවෙස වෙත යෑමට පියවර ගත්තේය.
කෙසේ වෙතත් පසුගිය සතියේදී ආණ්ඩුව මහින්ද වාසය කළ එම නිල නිවෙස ගෝඨාට ලබාදීමට පියවර ගත්තේය. ඒ අනුව ඉකුත් සතියේ එම නිවෙසේ යතුරු ගෝඨාගේ අතට ලැබුණු අතර, මේ වන විට එම නිවෙසට අවශ්‍ය නව ගෘහ භාණ්ඩ මිලදී ගනිමින් සිටින ආකාරයක් දැනගන්නට ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

IMF විශේෂ රැස්වීමක් හෙට ඇරඹෙයි! මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් වොෂින්ටන් යයි!

Next Post

ගෝඨා පන්නන්න ගහපු ගේම පටන් අරන් අදට අවුරුද්දයි! VIDEO

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.