ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ලබා ඇති ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සහයෝගීතාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ හෙට (10) වොෂින්ටන් හිදී පැවැත්වීමට නියමිත 2023 Spring Meeting හිදී එයට කදිම අවස්ථාවක් හිමිවෙනු ඇති බවය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග හෙට පැවැත්වීමට නියමිත Spring Meeting සඳහා රාජ්‍ය අමාත්‍යවරයා, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද එක්වීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණය සහ අදාළ වගකීම් ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වෙත පවරා ඇත.










