මෙවර IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ(18) පස්වරුවේ චෙන්නායිහී දී පැවැත්වුණ අතර මෙවර තරගාවලියට කිසිදු ලාංකික ක්‍රීඩකයකු තෝරා නොගැනීම විශේෂ සිදුවීමකි.
උපරිම වශයෙන් ක්‍රීඩකයින් 61 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් මෙම වෙන්දේසිය ඊයේ දිනයේ දී පැවැති අතර, වෙන්දේසිය අවසන් වන විට සියලු කණ්ඩායම් විසින් තම කණ්ඩායමට තෝරා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණය මිලදී ගෙන තිබිණ.
වෙන්දේසියේ දී වැඩිම මිලකට අලෙවි වූයේ පසුගිය වසරේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස්ය.
ඔහුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 16.25ක මුදලකට මිලදී ගනු ලැබීය.
එය IPL ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල වන අතර, මීට පෙර වැඩිම මිලකට ක්‍රීඩකයෙකු අලෙවි වී තිබුණේ 2015 වසරේ දී දිල්ලි කණ්ඩායම විසින් යුවරාජ් සිං ඉන්දීය රුපියල් කෝටි 16කට මිලදී ගැනීමය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙකු වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ ක්‍රීඩකයින් තිදෙනෙකු පමණි.
එනම්, කුසල් පෙරේරා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයන්ය.










