හෙරොයින් කි:ග්‍රෑ: 1.185ක් සහ රුපියල් 352,000ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මාකොළදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (18) පස්වරුවේ මාකොළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
මෙහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබේ.












