• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්න නැතිව සඳමාලි ජපානයේ රඳවා ගැනීමේ මධ්‍යස්ථානයකදී මියයයි: ලියපු ලියුම්වලින් රහස් හෙළිවෙයි (PHOTOS)

March 16, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
කන්න නැතිව සඳමාලි ජපානයේ රඳවා ගැනීමේ මධ්‍යස්ථානයකදී මියයයි: ලියපු ලියුම්වලින් රහස් හෙළිවෙයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ජපානයේ නගෝයා නගරයේ පිහිටි සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක සිටි ශ්‍රී ලාංකික තරුණියක මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එරට අධිකරණ ඇමතිවරිය උපදෙස් දී තිබේ.

33 හැවිරිදි රත්නායක ලියනගේ විශ්මා සඳමාලි නමැති එම තරුණිය නගෝයා නගරයේ ඇති ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක හුදෙකලා කාමරයක රඳවා සිටි ඇති අතර මාර්තු 6 වන සෙනසුරාදා එහි රැඳවියන් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ දී ප්‍රතිචාර නොදැක්වීම සහ සිහිසුන්ව සිටීම හේතුවෙන් අදාළ තරුණිය රෝහල්ගත කිරීමට එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත.

එහිදී රෝහල් බලධාරීන් තහවුරු කර ඇත්තේ එම තරුණිය මිය ගොස් ඇති බවය.

මෙම තරුණියගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල බවට පැමිණිලි කර ඇති බවත් එම ස්ථානයේ සහ ඉන් පිටත වෛද්‍යවරුන් විසින් ඇය පරීක්ෂා කර ඇති බවත් එරට අධිකරණ අමාත්‍ය කමිකාවා යොකෝ සඳහන් කළ බව NHK පුවත් සේවය සඳහන් කරයි.

එමෙන් ම, එරට The Asahi Shimbun පුවත්පතෙහි වෙබ්අඩවිය වාර්තා කර ඇත්තේ, අදාළ තරුණිය තමන් තාවකාලිකව නිදහස් කරන ලෙසත් ආහාර ලබා ගැනීමට දැඩි අවශ්‍යතාවක් ඇති බවත් සඳහන් කරමින් ලිපි සහ සටහන් ලියා ඇති බවය.

අනතුරුව ඇය අසාමාන්‍ය ලෙස දුර්වල තත්ත්වකට පත්වී මියගොස් ඇති බව එම වෙබ්අඩවිය වාර්තා කරයි.

”මට දැන් ඇත්තට ම කන්න ඕනේ”, ඇය මේ බව සටහන් කර ඇත්තේ ඇය රඳවා සිටි සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයේදී ය.

මේ අතර, ජපානයේ පුවත්පත්වල දැක්වෙන්නේ, ඇය ගලනාලය ආශ්‍රිතව රෝගී තත්ත්වයක් හේතුවෙන් ආහාර ගැනීමේ අපහසුතාවක් පැවති බවය. ඒ හේතුවෙන් ඇය දීර්ඝ කාලයක් ආහාර ගෙන නොමැති බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද තහවුරු කළේය.

වීසා කාලය ඉක්මවා ගිය විදේශිකයන් මෙම ස්ථානයේ වාසය රඳවා තැබීමට ජපන් රජය කටයුතු කරයි. ජපානයේ සිටින විදේශිකයන්ට සහය දක්වන කණ්ඩායම START උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කරන්නේ, රඳවා සිටියදී මුහුණ දුන් අධික ආතතිය හා සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් එම තරුණියට ආහාර ගැනීමට හා ඇවිදීමට නොහැකි වී ඇති බවය.

එමෙන් ම, එම තරුණියගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දරුණු අතට හැරී තිබුණු බවත් තම සාමාජියකයන් එහි යන විට ඇය වමනය කිරීම සඳහා බාල්දියක් ළඟ තබාගෙන සිටි බව START කණ්ඩායම පැවසූ බව The Asahi Shimbun පුවත්පතෙහි වෙබ්අඩවිය වාර්තා කරයි.

තව ද ආගමන විගමන බලධාරීන් වෙත දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලද ලියවිල්ලක පිටපතක සඳහන් වී ඇත්තේ, එම නිලධාරීන් ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තාවකාලික නිදහස් කරන ලෙස ඇය ඉල්ලා සිටින බවය.

”මට රෝහලකට ගිහින් ප්‍රතිකාර ගන්න ඕන, නමුත් ආගමන බලධාරීන් මාව රැගෙන යන්නේ නැහැ,” යැයි ඇය එම ලියවිල්ලේ සටහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ටෝකියෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් කළ අතර එහිදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රොෂාන් ගමගේ මහතා සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස තානාපති කාර්යාලයත් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයත් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවය.

ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණිය 2017 වසරේ ශිෂ්‍ය වීසා මත ජපානයට ගොස් ඇති අතර වීසා කල් ඉකුත් වී තිබියදීත් රට තුළ රැඳී සිටීම හේතුවෙන් 2020 වසරේ අගෝස්තු මස ඇය එරට ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන මෙලෙස රඳවා තබා ඇති බව ගමගේ මහතා සඳහන් කළේ ය.

ගමගේ මහතා සඳහන් කළේ, තානාපතිවරයාගේ උපදෙස් මත තමන් පෞද්ගලිකව නගෝයා වෙත ගිය බවත් තරුණිය රඳවා සිටි ස්ථානය, ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරුන් සහ පොලිස් නිලධාරීන් ද හමුවූ බවත්ය.

කෙසේ වෙතත්, මරණය සිදුවූ ආකාරය පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණ නොවූ බව ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජපාන අධිකරණ අමාත්‍යවරිය විසින් පත් කරන ලද කමිටුවක් ටෝකියෝ සිට නගෝයා යවා ඇති බවත් ප්‍රදේශය භාර වෛද්‍ය බලධාරීන් වෙන ම පරීක්ෂණයක් සිදු කරන බවත් ගමගේ මහතා සඳහන් කළේ ය.

එමෙන් ම ගමගේ මහතා සඳහන් කළේ, මෙය බරපතළ සිද්ධියක් ලෙස ජපාන අධිකරණ අමාත්‍යංශය සලකන බවය.

තරුණියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂන් වාර්තාව ඇතුළු අනෙකුත් වාර්තා මෙතෙක් නොලැබී ඇති බවත් ඇයට අසාධාරණයක් හෝ නොසැලකිලිමත්කමක් සිදුවී ඇති ද යන්න පිළිබඳ විමර්ශනයක් කරන ලෙස තානාපති කාර්යාලය බලධාරීන්ගෙන් දැඩි ඉල්ලීමක් කළ බව තානාපති කාර්යාලයේ නිලධාරීවරයා සඳහන් කළේය.

ඇයගේ රෝගී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට එවීමට උත්සහ කළ ද, ඇය සතුව ප්‍රමාණවත් මුදල් නොතිබීම හා කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය ව්‍යර්ථ වූ බව ද ඔහු පැවසීය.

මේ අතර, මෙම සිදුවීම පිළිබඳව ජපානයේ බොහෝ පුවත්පත් වාර්තා පළ කර තිබේ.

ගොසිප් ලංකා අනුග්‍රහයෙනි
SendShareShare
Previous Post

රටම සැනසූ උමාරා හඬා වැටෙමින් කියපු කතාව (VIDEO)

Next Post

මැ.කො.ට කොළඹ එපා වෙයි: ‘ඉතින් ආයුබෝවන් මිතුරනි අගනුවර ගරු…’

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී...

Read more
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.