වව්නියාව, පූන්තොට්ටම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 5 දෙනෙකු පළාගොස් තිබේ.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, අවුරුදු 22 – 30 වයස්වල පසුවන රැඳවියන් 5 දෙනෙකු ඊයේ (15) පස්වරුවේ එලෙස පළා ගොස් ඇති බවයි.
ඔවුන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මකයි.
ADVERTISEMENT
මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථනයේ පසුගියදා ඇති වූ ගැටුමෙන් පසු අතුරුදන් වූ තවත් රැඳවියන් 7 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.
ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රැඳවියන් 225 ක් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.