ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රංශය වෙත සිදු කිරීමට නියමිතව තිබූ නිල සංචාරය කල් දමා ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
ජූලි 16 වන දින ආරම්භ වීමට නියමිතව තිබූ මෙම සංචාරය කල් දැමීමට හේතුව පිළිබඳව මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත. එසේම, ජනාධිපති මාධ්‍ය අංශය හෝ ප්‍රංශ බලධාරීන් විසින් මෙම සංචාරය සඳහා අලුත් දිනයක් පිළිබඳව තවමත් සඳහන් කර නොමැති බවද වාර්තා වේ.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, ආර්ථික සහයෝගිතාව පුළුල් කිරීම සහ ප්‍රංශ ආයෝජන දිරිගැන්වීම පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂිතව තිබුණි. මෙම සංචාරය මීට පෙරද වරක් කල් දැමූ බව සඳහන් වේ.










