බොහෝදුරට උණුසුම් වනු ඇති බවට මත පළ කර තිබූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම කිසිදු කලබලයකින් තොරව අවසන් වී තිබේ.
මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විමල් වීරවංශ මහතා ඇතුලු කණ්ඩායම සහභාගී වී සිටියද විජයදාස රාජපක්ෂ මහතා සහභාගී වී නැති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මෙම රැස්වීමේදී පළාත් සභා පැවැත්විය යුතු බවට වූ යෝජනාව මිලාන් ජයතිලක විසින් යෝජනා කොට ඇති අතර සම්පත් අතුකෝරල විසින් එය සම්මත කොට ඇත.
එම අවස්ථාව වනවිට විමල් පාර්ශ්වය නියෝජනය කරන නියෝජිතයන් රැස්වීමේ සිටියද ඔවුන් ඊට කිසිදු විරෝධයක් පළ කොට නොමැත.
කෙසේවෙතත් විමල් විසින් හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දේශපාලන පළිගැනීම් පිළිබද වාර්තාව සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරමින් සදහන් කොට ඇත්තේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනා කිරීම නරක පූර්වාදර්ශයක් බවත්, කිසියම් කාලෙක මෙම රැස්වීමේ සිටින පුද්ගලයන් හටද එවන්නකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්ය.
ඊට පිළිතුරු දී ඇති නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුව එවැන්නක් සිදු නොකරන බවත්, ඒ පිළිබද යම් සදහනක් පමණක් වාර්තාවේ ඇතුළත්ව ඇති බවත්ය.
මෙම රැස්වීමට මන්ත්‍රීවරුන් 133 දෙනකු සහභාගී වී සිට ඇති බවත් දැනගන්නට ඇත.










