තව සුලු මොහොතකින් ආරම්භ වීමට නියමිත ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට බැසිල් රාජපක්ෂ මහතාද සහභාගී වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
අරලිය ගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතය.
අද පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමටද බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී තිබිණ.










