රේඛීය අමාත්‍යාංශය යටතේ හෝ පළාත් සභා සේවය යටතේ සෞඛ්‍ය අංශයේ සේවය කරන සියලුම නිලධාරීන්ට සහ සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත අදහස් දැක්වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය එස්.එම්. මුණසිංහ මහතාගේ අස්සන යටතේ නිකුත් කර ඇති මේ ලිපියේ දැක්වෙන පරිදි එම දැනුම්දීමට පටහැනිව කටයුතු කරන ඕනෑම අයකුට එරෙහිව ආයතන සංග්‍රහයේ විධි විධාන ප්‍රකාරව ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරු, සෞඛ්‍ය අමාත්‍යාංයට අයත් සියලු ආයතන ප්‍රධානීන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, සියලුම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරු ඇතුළු සියලු සෞඛ්‍ය නිලධාරීන් වෙත මෙම කාරණය නිල වශයෙන් දැනුම්දී තිබේ.











