ශ්‍රී ලංකාවෙන් බිහි වූ අතිශය ජනප්‍රිය කලාකරුවෙකු මෙන්ම අති දක්ෂ සූපවේදියෙකුද වන දොන් ෂර්මන් ලැබූ ජයග්‍රහණයක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වාසය කරන දොන් ෂර්මන් ඔස්ට්‍රේලියාවේ දක්ෂතම සූපවේදීන් අතර මුල්තැනට පැමිණ තිබේ.
ඒ එරට ආයතන කිහිපයක් සමඟ ඔස්ට්‍රේලියානු සූපවේදීන්ගේ සම්මේලනය විසින් සංවිධානය කර තිබූ තරගයකින් ප්‍රථම ස්ථානය හිමිකරගැනීමත් සමගයි.
මෙලෙස ජයග්‍රහණය හිමිකරගත් දොන් ෂර්මන් හට ඉතාලියේ සූපවේදය පිළිබඳ අධ්‍යයන චාරිකාවක් සඳහා ගොස් නැවත පැමිණීමට අවස්ථාව හිමිව තිබේ.
මේ අතර එම තරගයෙන් දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ද ශ්‍රී ලාංකිකයෙකි.
ඇඩිලේඩි වාසය කරන සූපවේදියෙකු වන මෙලන් එඩිසන් විසින්.