• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාර් බාර් හෙන ආතල් මැති ඇමැතිලා සැපේ! පොඩි එවුන්ට හැමදාමත් අයිති උන්ගේ හපේ! Sri Lanka Latest News

May 21, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව මේ වෙලාවේ තියෙන්නේ ඉතා දුෂ්කර අවධියක. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා වගේ අපි යන්නේ ටිකක් අමාරු කාලයක. මේක අල්ලගෙන ඉන්න ඕනේ කාලයක්. දුෂ්කරයි කියලා අතහැරලා දාන්නේ නැතුව කොහොම හරි දරාගෙන ඉන්න කටයුතු කිරීම අපහසු දෙයක්. කොහොම වුණත් මේ දුෂ්කර බව අපිට වඩා දන්නේ ශ්‍රී ලංකාවේ රට කරවන අය. පාලකයෝ. පාලකයන්ට තේරෙන දේ අපිට තේරෙන්නේ නැති වුණාට අපට නොතේරෙන දේවල් පාලකයන්ට තේරෙනවා. ඒකට හේතුව මේක ඇතුළේ තියෙන අමාරුකම් වැඩිපුර සාකච්ඡා වෙන්නේ ඒගොල්ලෝ ඉන්න තැන්වල හින්දා. මේ අමාරුකම් ගැන කතාකරද්දී රටේ ජීවන වියදම ඉතා ඉහළ ගිහිල්ලා, ඩොලර් සංචිත හිඳිලා, අපට තවමත් මේ ඩොලර් සංචිත ස්ථාවර මට්ටමකට ගේන්න බැරිවෙලා. ඒ නිසා යානවාහන ගෙන්වීම වගේ සමහර කාරණාවන් නතර කරලා දාන්න සිදුවෙලා තියෙනවා. ඉතින් තෙල් මිල අඩුවේ යැයි කියලා තිබුණු බලාපොරොත්තු පවා බිඳහෙළමින් රුපියලකින් දෙකකින් අඩුවෙන තෙල් මිලත් එක්කයි අපි දැන් ජීවත් වෙන්නේ. ඒ අස්සේ වාහන ගෙන්වීමට බලපත්‍ර ලබාදෙන්න කියලා අහිංසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100ක් විතර එකතු වෙලා කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරලා. මේ 100 ආණ්ඩුවේ අයවත්, විපක්ෂයේ අයවත් කියලා ඉරි ගහලා වෙන්කරන්න බැරිව දෙගොල්ලොම එකතු වෙලා කියලයි කියන්නේ. අපි ආණ්ඩුවයි විපක්ෂයයි දෙගොල්ලක් කියලා හිතුවට මේ වගේ තැන්වලදී ඔක්කොම ඒකට පක්ෂයි. කවුරුත් මේවට විපක්ෂ නෑ. මොකද හේතුව සැප ලබන්න සැප විහරණය කරන්න ආතල් එකක් ගන්න චාන්ස් එකක් ලැබුණාම මේගොල්ලෝ පාට පක්ෂ භේද අමතක කරලා දාලා එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වී නොපමා කියලා වැඩේට සෙට් වෙනවා. (Sri Lanka Latest News)

ඉතින් අපි තමයි හිතන්නේ අපේ කෙනා නම් හොඳයි, ඔයාගේ එක්කෙනා හොඳ නෑ කියලා. බලද්දී ඔක්කොම එකයි. කොහොම නමුත් මේ සිය දෙනා එකතු වෙලා ඔවුන්ට පාවිච්චි කරන්න තීරුබදු රහිත වාහනයක් ගෙන්වා ගන්න බලපත්‍රයක් ලබාදෙන්න කියලා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහත්තයාගෙන් ඉල්ලීමක් කරලා. ඒ ඉල්ලීමේ තියෙන්නේ රාජ්‍ය සේවයේ විවිධ කාණ්ඩවල විවිධ නිලධාරීන්ට ලබාදිය යුතු පහසුකම්වලට සමාන අයුරින් තමන්ටද වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙස මේ මන්ත්‍රීවරු ඉල්ලීම කළා කියලා. පාර්ලිමේන්තු ගෘහ කාරකසභාව මේ ඉල්ලීම ධනාත්මක අයුරින් සලකා බැලූ බවයි ආරංචිය. ඒත් එක්කම සුදුසු කටයුත්තක් කරන්න කියලා කිව්වම කතානායකතුමා මේ බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළට අවශ්‍ය කරන ක්‍රමවේදය හදලා. පාර්ලිමේන්තු ගෘහ කාරකසභාවේ අනුමැතිය මේ ඉල්ලීමට ලැබීමත් එක්කම එය ක්‍රියාත්මක කළ හැකි බව තමයි අපි හිතන්නේ. මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහත්තයා මේ ගැන ලිපියකින් දැනුම් දීලා. අහිංසක මිනිහෙක් ඇල්ටෝ එකක් ගන්න හීන පුරෝගෙන බලාගෙන ඉන්නැද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන ටික ගෙන්නලා දීලා ඒගොල්ලන්ට පොඩි ආතල් එකක් ගන්න චාන්ස් එකක් දෙන්නයි දැන් ලෑස්තිවෙලා ඉන්නේ. කලබල වෙන්න එපා ඔය හින්දා. සාදු කියන්න තමයි අපිට පුළුවන්. මොකද සැප ලබන කට්ටිය, සුඛවිහරණය කරන කට්ටිය, කලින් ආත්මවල පින් කරපු කට්ටිය මේ ආත්මයේ සැප විඳිනකොට ඒවාට ඊරිසියා නොකර ඉන්න වග බලාගන්න ඕනේ.

අපිට මතකයි කලින් හිටපු ඇමැති මහත්තයෙක් කියලා තිබුණා කොල්ලයි බල්ලයි හැම එකාම වාහන ගන්න ගියාම වාහනවලට තියෙන වටිනාකම නැතුව යනවා. ඒ නිසා කොල්ලෝ වාහනවල යයි බල්ලෝ වාහනවල නොයයි කියලා හිත හදාගන්න කියලා. අපි අපිට පුළුවන් විදියට ඔය මොකක හරි යමු. ඒගොල්ලෝ ලොකු වාහනවලින් ඇවිල්ලා අපේ වැඩ ටික කරලා දෙයි. අපේ ජනතා නියෝජිතයෝ අපි නිසානේ ඔය දුක් විඳින්නේ. ඇත්තම කතාව ඒක. අපි කොච්චර කිව්වත් ඒ මිනිස්සු අහිංසකයි. ඒ අය අපි හින්දු දුක් විඳිනවා. ගෙදරට වෙලා දානයක් මානයක් දීලා පිනක් දහමක් කරගෙන ඉන්න ඕනේ වයසක මිනිස්සු අල්ලගෙන ගිහින් පාර්ලිමේන්තුවේ පුටුවක ඉන්දවන්නේ අපේ ජීවිත සුඛිත මුදිත කරවන්න. ඒ නිසා ඒ වයසක උදවියට ඒ විදියට පොඩි ආතල් එකක් ගන්න චාන්ස් එකක් දුන්නට ප්‍රශ්නයක් නෑ. ඊරිසියා කරන්න එපා. ඊරිසියාව වෛරය ක්‍රෝධය හොඳ නෑ.

අපි කලිනුත් කිව්වා බාර් ලයිසන් බෙදන්න යන කතන්දරේ. හෝයියාපුරේ බාර් ලයිසන් බෙදන්න ලෑස්ති වෙනවා. 500ක් විතර කියලා තමයි අපිට ආරංචි. සියලු බත් බැලයන්ට සියලු වරප්‍රසාද ලබාදෙන්නයි මේගොල්ලෝ වැඩ කරන්න යන්නේ. මේ ඔක්කොම ටික වෙන්නේ ඊළඟට එන ඡන්දේ නිසා. මැතිවරණයකට ලෑස්ති වෙන රටක් මහ මැතිවරණය සඳහා තමන්ට අවශ්‍ය කරන මූණු ටික තමන්ගේ පිලට දාගන්න අවශ්‍ය නිසයි විවිධ උපක්‍රම පාවිච්චි කරන්නේ. වාහන පර්මිට් දෙන්නේ, බාර් පර්මිට් දෙන්නේ, සැප දෙන්නේ, සල්ලි දෙන්නේ, එන එන එකාට ඇමැතිකම් රාජ්‍ය ඇමැතිකම් දෙන්නේ. ඊළඟ ඡන්දෙට තමන්ගේ කණ්ඩායම දාගන්න. හැබැයි මහජනතාව අතෙයි වැඩේ තියෙන්නේ. කවුද බාර් පර්මිට් ගත්තේ, කවුද කාර් පර්මිට් ගත්තේ, කවුද සල්ලි ගත්තේ, කවුද කඩේ ගියේ, කවුද බොරු කළේ, කවුද බැන්නේ, මේ ඔක්කොම ටික මතක තියාගෙන ලැයිස්තුවක් හදාගෙන එන ඡන්දෙදී එවුන්ට නොදී තමන් කැමැති පක්ෂයක තමන් කැමැති කෙනකුට ඡන්දේ දෙන්න. ඒ තමයි අපිට තියෙන වැඩේ. මොකද මේ කවුරුත් එන්නේ අපට බාර් පර්මිට් අරන් දෙන්න නෙවෙයි. මේ කවුරුත් අපිට කාර් පර්මිට් අරන් දෙන්නේ නැහැ. මේ කවුරුවත් එන්නේ අපිට සල්ලි දෙන්න නෙවෙයි, මේ කවුරුවත් එන්නේ අපේ පාර කාපට් කරන්න නෙවෙයි, මේ කවුරුවත් එන්නේ අපේ ගෙදරට ලයිට් අරන් දෙන්න නෙවෙයි. මේගොල්ලෝ එන්නේ එයාලට බාර් පර්මිට් එකක් ගන්න, එයාලට වාහනයක් අරගෙන, එයාලගේ පාර කොන්ක්‍රීට් කරලා එයාලට ආතල් එකේ ඉන්න. එයාලට විතරක් නෙවෙයි එයාලගේ දරු පරම්පරා හතකට හම්බ කරලා සමුගෙන යන්න.

පාර්ලිමේන්තුවේ තාත්තලා පුතාලා සීයලා ආච්චිලා නැන්දලා මාමලා හැම එකාම ඉන්නකොට අපේ හරක් විසින් උන්ගේ පරම්පරාවේ තව එකෙක්ව පාර්ලිමේන්තු යවන එක තරම් ගොන් වැඩක් තවත් නැති නිසා මේ මිනිස්සු දන්නවා තමන් මොනවා කළත් කමක් නෑ, ඊළඟ ඡන්දෙදී මීහරක් ටික වගේ අපේ එවුන් ගිහිල්ලා ඡන්දේ දෙනවා කියලා. ඒ නිසා අපි තවදුරටත් උම්බෑ නොකියා හරි වෙලාවට බෑ කියමු. නොදී ඉමු. කාර් පර්මිට්, බාර් පර්මිට් අරවා මේවාවලින් ගොඩ යන කට්ටිය ගැන ලැයිස්තුවක් හදාගෙන මතක තියාගමු. ඕනේ නම් ඉදිරි දවසක අපි ඒ උදව්ව කරන්නම්. මිනිහා කවුද කියලා හඳුන්නා දෙන්නම්. වැඩේ තියෙන්නේ ඔබේ අතේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අනුර දිනනවා… සජිත් දිනනවා… රනිල් දිනනවා… යූටියුබ් එකේ රැල්ලට බොරු අනාවැකි කියන සාස්තරකාරයන්ගේ වීඩියෝ දැන්ම පරිස්සම් කරලා තියාගන්න! ඡන්දෙන් පස්සේ බොරුකාරයෝ රටටම හෙළිකරමු! Sri Lanka Latest News

Next Post

දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 50ක් නාය යාමේ අවදානමක! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.