ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරයක් ආරම්භ කොට තිබේ.
මෙරට මහකොමසාරිස්වරයා වශයෙන් වැඩ බාරගැනීමෙන් පසු හෙතෙම උතුරු නැගෙනහිර දෙපළාතේ එකවර සංචාරය කරන්නේ පළමු වතාවටය.
ඊයේ (11) ආරම්භ කළ මෙම සංචාරය දින 4ක් පුරා සිදු කිරීමට සැලසුම් කර ඇති බව පැවසේ.
මෙහිදීී දෙපළාතේම දේශපාලන පක්ෂ නායකයන් මුණගැසී සාකච්ජා පැවැත්වීමටද ඉන්දීය මහකොමසාරිස්වරයා සැලසුම් කර ඇත.