• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව සැහැල්ලු දුම්රිය නැවැත්තුවාට චම්පික ජපන් අගමැතිට කනගාටුව පළ කරයි

October 18, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුව සැහැල්ලු දුම්රිය නැවැත්තුවාට චම්පික ජපන් අගමැතිට කනගාටුව පළ කරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය උදෙසා මෙතෙක් සිදුකළ වඩාත් ඉහළම බලපෑම් සහගත, උපායමාර්ගික වශයෙන් විචක්ෂණශීලී සහ මූල්‍ය වශයෙන් වඩාත්ම ලාභදායක, ජපන් මූල්‍ය සහයෝගීතාවය මත ඉදිකිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) වර්තමාන රජය විසින් නතර කිරීමට ගනු ලැබූ තීරණය නිසා ජපන් රජයට සහ ජපානයේ ජනතාවට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් කනගාටුව පළකරමින් හිටපු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිදේ සුගා මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

2020 ඔක්තෝම්බර් මස 12 වනදා

අතිගරු යොෂිහිදේ සුගා මහතා,

ජපානයේ අග්‍රාමාත්‍ය

ජපානයේ මූල්‍ය සහයෝගීතාවය මත ක්‍රියාත්මක කෙරෙමින් පැවති සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නතර කිරීම සම්බන්ධයෙනි.

මම පළමුව ඔබතුමාගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් උණුසුම් සුභාශිංසන පිරිනමමි. වගකීම් සහගත ජනතා නායකයෙකු වශයෙන් සහ ජපන් මූල්‍ය සහයෝගීතාවය මත ඉදිකිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියේ (LRT) ආරම්හකයා මෙන්ම එම ව්‍යාපෘතිය භාරව ක්‍රියාකළ ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරයා වශයෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රවාහණ ක්ෂේත්‍රය උදෙසා මෙතෙක් සිදුකළ වඩාත් ඉහළම බලපෑම් සහගත, උපායමාර්ගික වශයෙන් විචක්ෂණශිලී සහ මූල්‍ය වශයෙන් වඩාත්ම ලාභදායක ව්‍යාපෘතිය වර්තමාන රජය විසින් නතර කිරීමට ගනු ලැබූ තීරණය නිසා ජපන් රජයට සහ ජපානයේ ජනතාවට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් මාගේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ කණගාටුව ඔබතුමන් වෙත පළකරමි.

ශ්‍රී ලංකාව ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින රථවාහන තදබදය හේතුවෙන් දැඩිලෙස පීඩාවට පත්ව සිටියි. 2016 වර්ශයේදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව අප රටෙහි ප්‍රවාහනය වෙනුවෙන් දරන්නා වූ ජාතික පිරිවැය සීග්‍රයෙන් ඉහළ යමින් පවති. එය දළ දේශීය නිශ්පාදිතයෙන් 12%ක තරම් වූ ඉහළ අගයක් පසුකරමින් ඉතා දරුණු අර්බුදයක් දෙසට ගමන් කරමින් සිටින අතර 1990 දශකයේදී ආසියාවේ බොහෝ ආර්ථිකයන් මුහුණදුන් ආකාරයේ දරුණු ආර්ථික පසුබෑමකට හේතුවිය හැකි කරුණක් බවට පත්වෙමින් තිබේ.

මෙම තත්වයට පිලියමක් සෙවීම පිණිස ජපානයේ ජයිකා (JICA) ආයතනයේ මූල්‍ය දායකත්වය මත 2008 – 2012 වර්ශයන්හීදි සිදුකළ සමීක්ෂණයකට අනුව බස් ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය (BRT), බස් නව්‍යකරණ වැඩපිළිවෙල, දුම්රිය විදුලියෙන් ධාවනය වන ආකාරයට නවීකරණය කිරීම, දුම්රිය ද්විත්ව මාර්ග සංවර්ධනය සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති ආරම්භ කිරීම යන සමෝධානික උපායමාර්ගික වැඩපිළිවෙලක් යෝජනා කරන ලදි.

පසුව ජපානයේ සහ ශ්‍රී ලංකාවේ විශේෂඥයින් එක්ව 2015-2016 වර්ශයන්හිදී “කොම්ට්‍රාන්ස්” නාගරික ප්‍රවාහන ප්‍රධාන සැලසුම ප්‍රකාරව සිදුකළ ගැඹුරු අධ්‍යයනයකින් පසුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) උපායමාර්ගික වශයෙන් වඩාත්ම වාසිදායක ව්‍යාපෘතිය ලෙස හඳුනාගන්නා ලදි. ආරම්භයේදී සැහැල්ලු දුම්රිය මාර්ගයන් ඉදිකළ යුතු නාගරික කලාපයන් 7 ක් හඳුනාගනු ලැබූ අතර පසුව එය කලාප 4 ක් දක්වා සම්පින්ඩනය කරනු ලැබීය. ඒ අතරින් කොළඹ කොටුව සහ කඩුවෙල දක්වා වූ මාර්ගය ඉදිකිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට තීරණය විය. ජපානයේ ජයිකා ආයතනය (JICA) මෙම ව්‍යාපෘතිය සඳහා 0.1%ක ඉතාම වාසිදායක වාර්ශික පොලී අනුපාතයක් යටතේ අරමුදල් සැපයීමට ඉදිරිපත් වූ අතර ව්‍යාපෘතියේ උපදේශණ සේවා වෙනුවෙන් ලබාදෙන ණය පහසුකම සඳහා වූ වාර්ශික පොළී අනුපාතය 0.01% තරම් කුඩා අගයක් විය.

එසේම ණය ගෙවීම සදහා වසර 14 ක සහන කාලයක් සේම වසර 40 ක් තරම් දිර්ඝ ණය ගෙවීමේ කාල සීමාවක් ලබාදෙන ලදි. පසුගිය දශකයක කාලසීමාවේදී ශ්‍රී ලංකා රජය විසින් යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා දියත්කළ ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍යමය සහය ලබාගැනීම සදහා 6%-7% වැනි ඉහළ පොළී අනුපාතයන් යටතේ වාණිජ ණය ලබාගත් තත්ත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක ව්‍යාපෘතියක් විය.ශ්‍රී ලංකා රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහ ජපානයේ ජයිකා ආයතනයේ සහයෝගීතාවය මත වසර දෙකක කාලයක් තුලදී සියලූම ශක්‍යතා අධ්‍යයන, ණය ගිවිසුම් සකස් කිරීම සහ ව්‍යාපෘති ආරම්භය කාර්‍යක්ෂමව සිදුකිරීමට හැකියාව ලැබුනු අතර එය ජයිකා ආධාර යටතේ ලෝකයේ සිදුකල වේගවත්ම ව්‍යාපෘති ආරම්භය ලෙස සැලකේ.

2024 වනවිට දී පැයකට මගීන් 30,000 කට සේවය සපයමින් කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ මූලික පරමාර්ථය සහිතව මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පැවතිණි. නමුත් වර්තමාන රජය විසින් හදිසියේම මෙම ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කර ඇති අතර ඊට හේතු කවරේද යන්න දැනුවත්ව ඇත්තේ ඔවුන්ම පමණි. ජපානය පසුගිය වසර 70 පුරාම ශ්‍රී ලංකාවේ හොඳ මිත්‍රයෙකු විය. ජපානය දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන සහකරු බවට පත්වූ අතර අන්තර්ජාතික වශයෙන් අනිසි දේශපාලනික හෝ ආර්ථික බලපෑම්වලින් තොරව එම සහාය අපවෙත ලබාදුන්නේ ය. දෙරටේ ජනතාව සෑම විටකදීම පාහේ එකිනෙකා කෙරෙහි ඉතාමත් ඉහළ මිත්‍රශීලීභාවයක් සහ ගෞරවයක් පවත්වාගෙන ගියහ. එවන් තත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය නතර කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දුව හේතුවෙන් ජපාන රජයට සහ එහි ජනතාවට යම් හෝ අපහසුතාවයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් මාගේ කණගාටුව ප්‍රකාශ කරමි. දෙරට අතර වූ අනොන්‍ය සහයෝගීතාවය සහ දෙරටේ ජනතාව අතර වූ දැඩි මිත්‍රශීලීභාවය මෙම සිදුවීමෙන් පළුදු නොවී දීර්ඝ කාලීනව පවතිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

මෙයට හිතවත්,

පාඨලී චම්පික රණවක – පා.ම

SendShareShare
Previous Post

කාදිනල් හිමිට සමාජ මාධ්‍යයේ බැනවැදුණු කාන්තාවක් අත්අඩංගුවට

Next Post

සජිත් අමරපුර මහනාහිමියන් බැහැදකී (VIDEO)

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.