අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට බැන වදිමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවන්ට නිකුත් කළ කාන්තාවක් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.
ඊයේ (17) දිනයෛ්දී මෙම කාන්තාව අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර ඇති අතර එම වීඩියෝව මගින් ඇය කාදිනල් හිමියන්ට විවිධ චෝදනා එල්ල කළ ආකාරයක් දැකගන්නට තිබේ.
කෙසේවෙතත් අදාළ වීඩියෝව පිළිබද වාර්තා වීමත් සමග පොලිසිය එම කාන්තාව සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අද දිනයේදී ඇය අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට ඇත.










