• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් අමරපුර මහනාහිමියන් බැහැදකී (VIDEO)

October 18, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
සජිත් අමරපුර මහනාහිමියන් බැහැදකී (VIDEO)
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පස්වරුවේ  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්වහන්සේ බැහැ දුටුවේය.

ගල්කිස්ස ,  ධර්මපාල මාවත පිහිටි ධර්මපාලාරාමය වෙත පැමිණි විපක්ෂ නායකතුමා ගරුතර මහා නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් විචාරීමටද අමතක නොකළේය .

ඉන් අනතුරුව විහාරස්ථාන පරිශ්‍රය සිටියේ මාධ්‍යවේදීන් හමු වූ විපක්ෂ නායකතුමා ඔවුන් විසින් විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය .

මේ මොහොතේ රටේ උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය ජනතාවගේ ප්‍රමුඛතම අවශ්‍යතා කිසිවක් පිළිබඳව තැකීමක් නොකරන ආණ්ඩුව ඒ වෙනුවට විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එල්ලී කටයුතු කරන බවට ඒ මහතා ආණ්ඩුවට සිය අප්‍රසාදය පළ කළේය.

මීට දෙදිනකට පෙර විපක්ෂ නායකයා ලෙස නිවේදනයක් නිකුත් කරමින් කොරෝනා උවදුර නිසා පීඩා විදින ජනතාවට වහාම අත්‍යාවශ්‍ය අවශ්‍යතා ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් පන්දාහක් ලබාදීමට ආණ්ඩුව  කටයුතු කිරීමෙන් ඔප්පු වන්නේ විපක්ෂ නායකයා කියන දේ ආණ්ඩුව කරන බව නොවේද කියා මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට විපක්ෂ නායකයා මෙසේ පිළිතුරු දුන්නේය. 

“ආසාදිතයින් අරගෙන ගිය සෞඛ්‍ය අංශ කාර්‍යා මණ්ඩල සාමාජිකයින්  එකට නිරෝධායනය කරන්න හදනකොට අපි පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට කීවා ඒ අයව වෙනම නිරෝධායනය කරන්න කියලා. එදාම හවස ආණ්ඩුවට  ඒක කරන්න වුණා. ආසාදිතයින් සහ ආසාදිතයින් නොවෙන අය එකම වාහනවල ප්‍රවාහනය කරනකොට අපි පාර්ලිමේන්තුවේ දී බාදාවන් මැද කීවා ඒක කරන්න එපා කියලා. එදා හවසම ආණ්ඩුවට ඒ ඉල්ලීම ඉටු කරන්න වුනා.කොරෝනා ව්‍යසනය නිසා අන්ත අසරණ වෙච්ච ජනතාවට අඩු තරමේ අත්‍යාවශ්‍ය ආහාර ටික ගන්නවත් රුපියල් පන්දාහ නොදෙන එක ගැන පහුගිය 15 වෙනිදා විශේෂ නිවේදනයක් කරලා අපි හෙලිදරව් කළා. අද කොටසකට කිසියම් සහනයක් දෙන බවට කෙටි පණිවිඩයක් ආවා”.

කෙසේ වෙතත් මේ මහා ව්‍යසනය අවස්‍ථාවේ පවා ආණ්ඩුව විසිවෙනි සංශෝධන වශියට හසුවී සිටින බවත් ජනතා ප්‍රශ්න අමතක කොට ඇති බවත් ඒ මහතා කීය.ජනතාව තමන්ට ලබාදුන් මන්ත්‍රීවරු ප්‍රමාණය සමග එක්ව ආණ්ඩුවේ විස්ස පරාජය කරන්න කටයුතු කරන බව කී ඒ මහතා ප්‍රගතිශීලි ,ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මහජන නියෝජිතයින් ඒ සමග එක්වනු ඇති බවද කීය.

පාස්කු ප්‍රහාරයට හේතුව දහනවවන සංශෝධනය තිබූ අඩුපාඩු බවට හිටපු ජනාධිපති හිටපු අගමැතිවරයා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා හැටියට ස්ථාවරය කුමක්දැයි විමසූ පැනයකට පිළිතුරු දුන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ දහනව වන සංශෝධනය සහ පාස්කු ප්‍රහාරය අතර කිසිදු සම්බන්ධතාවයක් නැති බව කීය.

ප්‍රශස්ත ප්‍රබුද්ධ පාලකයෙකුට එවැනි ප්‍රහාර වළක්වා ගැනීමේ හැකියාව තිබියයුතු බවත් රටක පාලකයෙක් වූවිට කළ යුත්තේ පෞද්ගලික රුචි අරුචිකම් මැද කටයුතු කිරීම නොවන බවත් ජනතාව වෙනුවෙන් සිය අපේක්ෂාවන් ඉටු කිරීම බව කීය. දහ නව වන ව්‍යවස්ථා සංශෝධනයෙහි තිබූ ප්‍රජාතන්ත්‍රවාදී යහපත් රාජ්‍ය පාලන මූලධර්ම උපයෝගී කරගෙන 19න් ඔබ්බට වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සිය අරමුණ බවද ඒ මහතා පැවසීය .  

SendShareShare
Previous Post

ආණ්ඩුව සැහැල්ලු දුම්රිය නැවැත්තුවාට චම්පික ජපන් අගමැතිට කනගාටුව පළ කරයි

Next Post

මතුගම ගම් 3ක්-කුලියාපිටියේ ගම් 4ක් ලොක්ඩවුන්

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.