දළ වශයෙන් 60 %ත් 65% ත් අතර ප්‍රතිශතයකින් විදුලි බිල ඉහළ යනු ඇතැයි, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා ඒ බව සඳහන් කළේ, අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“විදුලිබල ම්ණ්ඩලේට තනියම විදුලි බිල වැඩි කිරිම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, රටේ හැමෝම සම්බන්ධ වෙන්න ඕන. මහජනතාව, අමාත්‍යාංශය, මහ බැංකුව, මහා බාණ්ඩාගාරය, කැබිනට් මණ්ඩලය මේ සියලු දෙනා මේ දවස්වල විවිධ සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ අය තමයි අපිට කියන්නෙ මේක තමයි සුදුසු කියලා”









