ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ඇමරිකානු පුරවැසියකු නොවන බව අලුතින්ම පළවූ ඇමරිකානු ෆෙඩරල් රෙජිස්ට්‍රියේ සදහන් වේ.
ඒ අනුව අද (08) දින නිකුත් කරන ලද නිවේදනයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද ඇතුළත්ව ඇති අතර මින් ඉදිරියට රාජපක්ෂ මහතාගේ අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවයද අහෝසි වී තිබේ.
ඉකුත් ජනාධිපතිවරණ සමයේදී විපක්ෂයේ ප්‍රධාන මාතෘකාව වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නයය.
ඒ අවස්ථාවේදී රාජපක්ෂ මහතා තමන් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගත් බවට වූ ලිපිලේඛන ඉදිරිපත් කළද විපක්ෂය කියා සිටියේ ඇමරිකානු ෆෙඩරල් රෙජිස්ට්‍රියේ ඒ බව සදහන්ව නැති බවකි.
අද එම චෝදනාවද මෙම නිවේදනයත් සමග අහෝසි වී ගොස් ඇත.