• About us
  • Contact us
Sunday, June 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාව බලයට ඇවිත් කරපු වෙනස ගැන නාමල් ආණ්ඩුවට දාපු නෝන්ඩිය! I Sri Lanka Latest News

June 28, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉස්සර රජ දවස අපේ රට සහලින් ස්වයංපෝෂිත වෙලා තිබුණා.මහින්ද මහත්තයගෙ කාලෙත් වී අතිරික්තයක් තිබුණා.ඒ දවස්වල පොහොර තුන්සිය පනහට දුන්නා.
අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ විස්සක් දෙන්න තරම් මේ රට පල්ලෙහාට ගෙනල්ලා.ඉස්සර ගෙවීමේ ක්‍රමයට ගත්තෙ වාහන ලක්ෂ දොළහට විට්ස් කාර් එකක් දෙනවා කිවුවා ජපන් බයික් එකක් ගන්න වැඩපිළිවෙළක් තරුණයට හදලා දෙනවා කිවුවා. හැබැයි දැන් හාල් ගෙවීමේ ක්‍රමයට කිලෝ විස්සක් දෙනවා.මේකද ඔබ බලාපොරොත්තු උන වෙනස යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවතේ පක්ෂ මූලස්ථානයේ ආසන සංවිධායක පිරිසක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතාSri Lanka Latest News

තමුන්නාන්සේලා සියලු දෙනාටම අද පක්ෂයේ විශේෂ වගකීමක් බාර ගෙන මේ කටයුතු සාර්ථකව කරගන්න මැදිහත් වීම පිළිබඳව.
ඉතින් අද දේශපාලනික වශයෙන් ඔබ අපි සියලු දෙනාම පහුගිය කාලසීමාවල නොයෙක් මැතිවරණවලට මුහුණ දුන්නා. අපි ජයග්‍රහණය කරා, සමහර ඒවා පරාජයට පත් වුණා. ඒ වගේම නැවත වතාවක් ශක්තිමත් පක්ෂයක් විදිහට අපි ගොඩනැගෙමින් එනවා.
ඉතින් ඒ ඔබ සහ ඔබේ පාක්ෂිකයන්, අපිත් එක්ක එකතු වෙලා වැඩ කරපු ඒ සියලු දෙනාම ඒකරාශි කරගෙන කටයුතු කිරීම තුළ මම හිතන්නේ අද ශක්තිමත් තත්ත්වයට එන්න අපට හැකියාව ලැබිලා තියෙනවා.

මම ඔබෙන් ඉල්ලන්නෙ ගමේ ජනතාව වෙනුවෙන් අපි පෙනී හිටිමු. අද මේ රටේ ජනතාවාදී දේශපාලනයක් අපි දකින්නේ නැහැ. වෛරයක්, පළිගැනීමක් සහ එක් කණ්ඩායමක අවශ්‍යතාවයක් ඉටු කරගන්න තමයි මේ රටේ අද දේශපාලනයක් තියෙන්නේ.
අපි පක්ෂයක් විදිහට අපි මොන අභියෝග තිබ්බත්, ඔබ දේශපාලනඥයෙක් විදිහට මොන අභියෝග තිබ්බත් අපි මේ රටේ ජනතාව විරුද්ධවාදීන්, හතුරන් විදිහට අපි දැක්කේ නැහැ. අපි හතුරෙක් විදිහට දැක්කා නම් දැක්කේ එල්.ටී.ටී.ඊ. එක විතරයි, දෙමළ ජනතාව නෙවෙයි. හැබැයි අපි එල්.ටී.ටී.ඊ. එක හතුරෙක් විදිහට දැක්කා. හැබැයි අද පාලනය කරන දේශපාලන පක්ෂය තමන්ගේ විරුද්ධවාදීන් දකින්නේ හතුරන් විදිහට.
මෙහෙම හතුරන් විදිහට විරුද්ධවාදීන් දකින දේශපාලන රාමුවක තමයි ඔබටත් මටත් මේ ඊළඟ දේශපාලන බලවේගයකට සූදානම් වෙන්න වෙලා තියෙන්නේ.

අද යම්කිසි කෙනෙක් ආණ්ඩුවට විරුද්ධව කතා කරොත් ඔහු දූෂිතයෙක් හෝ හොරෙක්. ගොවියෝ තමන්ගේ අයිතිය වෙනුවෙන් වී වලට මිලක් ඉල්ලලා, පොහොර ටික ඉල්ලලා ගොවි ජනතාව පාරට බැස්සාම ඒ ගොවි ජනතාව කසිප්පුකාරයෝ. වෘත්තීය සමිතියක් තමන්ගේ අයිතිය වෙනුවෙන් පාරට බැස්සොත් කප්පම්කාරයෝ.
වෛද්‍යවරු වෙන්න පුළුවන්, නීතිඥවරු වෙන්න පුළුවන්, තමන්ගේ වෘත්තීමය ගෞරවය ආරක්ෂා කරගන්න ආවොත් ඔහු හොරෙක්. මොකද ආණ්ඩුව මේ රටේ තමන්ට විරුද්ධ මතයක් දරන හෝ මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින තමන්ගේ විරුද්ධ දේශපාලන බලවේගයක් නියෝජනය කරන අයව දකින්නේ හතුරෙක් විදිහට. ඉතින් හතුරෙක් විදිහට අපි දිහා බලන ආණ්ඩුවක් එක්ක අපිට දේශපාලනය කරන්න සිද්ධ වෙලා තියෙනවා.
ඒ නිසා ඒ බවත් අපි අවබෝධ කරගත යුතුයි. හැබැයි ඒ මොන අභියෝගය ආවත් ඔබටත් මටත් වගකීමක් තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න.

අද වෙනකොට ගොවි ජනතාව විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. එක පැත්තකින් පොහොර නැහැ, අනිත් පැත්තකින් මිල නැහැ. තවත් පැත්තකින් ගොයම් කැපෙන කාලෙට, අස්වැන්න නෙළන කාලෙට පිටරටින් එළවළු, පළතුරු ගේන ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරනවා.ඒ විතරක් නෙවෙයි අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ විස්සක් දෙන්න තරම් මේ රට පල්ලෙහාට ගෙනල්ලා.ඉස්සර ගෙවීමේ ක්‍රමයට ගත්තෙ වාහන ලක්ෂ දොළහට විට්ස් කාර් එකක් දෙනවා කිවුවා ජපන් බයික් එකක් ගන්න වැඩපිළිවෙළක් තරුණයට හදලා දෙනවා කිවුවා. හැබැයි දැන් හාල් ගෙවීමේ ක්‍රමයට කිලෝ විස්සක් දෙනවා.මේකද ඔබ බලාපොරොත්තු උන වෙනස.

ධීවර ජනතාව, මේ තියෙන තෙල් මිලට ධීවරයාට තෙල් සහනයක් ලැබුණේ නැත්නම් මේ තියෙන තෙල් වියදමත් එක්ක ධීවරයාට කිසි දවසක තමන්ගේ ජීවන වෘත්තිය කරගෙන යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. තව නොබෝ දිනකින් ජනතාව, ධීවර ජනතාව ධීවර ක්ෂේත්‍රයෙන් ඈත් වෙනවා. ඉතින් එතරම්ම අපහාසු ආර්ථික පසුබිමකයි ජීවත් වෙන්නේ. මහ මුහුද එක්ක පොරබදලා ජීවිතයත් මරණයත් අතර සටනක නියැලිලා අහුවෙන මාළු ටික විකුණගන්න බැරි නම්, ඒ විකුණගන්න මාළු වලට ලැබෙන ආදායමෙන් අඩු ගානේ ගියපු වියදම පියවගන්න බැරි නම්, ඉතින් එවැනි රාමුවක් තුළ ධීවර ජනතාව විශාල අපහසුතාවයකට මුහුණ දෙනවා. ඉතින් මම හිතනවා අපිට වගකීමක් තියෙනවා ඒ ජනතාව වෙනුවෙන් කතා කරන්න, ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න.
කර්මාන්ත ගත්තත්, දේශීය කර්මාන්ත රාශියක් තියෙනවා. සුළු කර්මාන්තයේ පටන් ගත්තාම මත්ස්‍ය වගාවෙන්, ලුණු කර්මාන්තය දක්වා. දැන් ලුණුත් පිටරටින් ගේනවානේ. දැන් ඉතිහාසයේ අවුරුදු ගණනාවකට පස්සේ ලුණුත් පිටරටින් ගේන තැනට ආණ්ඩුව පරිවර්තනය වෙලා තියෙනවා.

මේ කාලසීමාව තුළ මම හිතන්නේ ඔබට වගකීමක් තියෙනවා ඔබේ ප්‍රදේශයේ ව්‍යවසායකයා, වෘත්තිකයා, තරුණයා වෙනුවෙන් පෙනී සිටින්න.
ඒකට අභියෝග එයි. දැන් අපි දකිනවා අද මේ රටේ ආණ්ඩුවට අවශ්‍ය විදිහට තෝරාගත්තු පුද්ගලයන්ට එරෙහිව තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. දැන් ඊයේ පාර්ලිමේන්තුවේත් මම ඇහුවා, කෑගල්ල ප්‍රදේශයේ තරුණ පිරිසකට වෙච්ච දේ. පොලිසියෙන් ගිහිල්ලා මත්ද්‍රව්‍ය දාලා අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා. ඒකට පරීක්ෂණයක් කරනවලු, හැබැයි ඉතින් ගමේ ළමයිවත් අත්අඩංගුවට අරගෙන. පරීක්ෂණයක් කරනවා නම් පොලිසියේ කෙනාවත් ගන්න එපැයි කුඩු ගෙනාපු කෙනා. හැබැයි එහෙම ගෙනාපු අයව ගන්නේ නැහැ, තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුගමනය කරන්න උත්සාහ කරනවා. ඒ තරුණයන්ගේ දේශපාලනය මොකක්ද? කොහෙද? ඒවා අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් බැලූ බැල්මට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා වෙච්ච විදිහට ඒ තරුණයන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. හැබැයි අවසානයේ අත්අඩංගුවට ගන්නෙත් ඒ අයවමයි.
ඉතින් ආණ්ඩුව එහෙම නම් නීතිය ක්‍රියාත්මක කරන්නේ, තමන්ට ඕනේ ඕනේ තැන්වලට ඕන ඕන විදිහට මේක අර එකාලෙ හිටියා නීතිය නවන කෙනෙක්. ඉතින් ඔය දැන් නීතිය නවන නිලධාරීන්, ඒ නිලධාරීන්ට එදා නීතිය නවපු නිලධාරීන්ගේ ඉරණම පිළිබඳව, අද අත් වෙලා තියෙන ඉරණම පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරොත් හොඳයි. මොකද අවසානයේ මේ රටේ ජනතාව වෙනුවෙන් අපි දේශපාලනය කරන්නේ, අපි දේශපාලන පක්ෂ නියෝජනය කරන්නේ. ඉතින් ඔබට අපට ඒ වගකීම තියෙනවා ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න.

එක පැත්තකින් මේ රටේ රණවිරුවන් දඩයම් කරනවා. බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා. දැන් පාස්කු දින ප්‍රහාරයේ ෆයිල් යට ගහන් හිටපු අය බුද්ධි අංශ වාර්තා හංගන් හිටපු අය තමයි බුද්ධි අංශ වාර්තා දීපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ. දැන් තියෙන වැරැද්ද බුද්ධි අංශ වාර්තාව දීපු එක. බුද්ධි අංශ වාර්තාව නොදී හිටියා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දැන් වාර්තාව දීපු බුද්ධි අංශ වැරදියි, ෆයිල් එක යට ගහන් හිටපු නිලධාරීන්ට උසස්වීමුත් ලැබෙනවා.
ඒ අය වෙනුවෙන්, ත්‍රස්තවාදීන් වෙනුවෙන්, අන්තවාදීන් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරුන්ට ප්‍රමෝෂන් හම්බවෙනවා. රජයේ තනතුරු හම්බවෙනවා. හැබැයි ත්‍රස්තවාදීන් පිළිබඳව තොරතුරු දීපු සිවිල් පුරවැසියෝ හිරේ යනවා. ඉතින් පැහැදිලිවම ආණ්ඩුව මේ කාරණයේදී දේශපාලනීකරණයක් කරන්න උත්සාහ කරනවා වගේම රටේ ජනතාව තුළ නැවත වතාවක් බෙදීමක් ඇති කරන්න සැලසුමක් තියෙන බව පේනවා.

එක වෙලාවක ජනාධිපතිවරයා යාපනයේ ගිහිල්ලා කියනවා බෞද්ධ ජනතාව නාගදීපයට එන්න ඕනේ නෑ සිල් ගන්න, අනුරාධපුරයෙන් නතර වෙන්න ඕනේ කියලා. ජනාධිපති කියන්න ඕන කාරණයක්. ජනාධිපතිවරයෙක්ගෙන් කියවිය යුතු ප්‍රකාශයක් නෙවෙයි, විශේෂයෙන්ම අපේ රටේ. හැබැයි ඒ තැනට ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රකාශ කරන තැනට පහත් තත්ත්වයකට වැටිලා තියෙනවා.
ඉතින් තමන් මැතිවරණ කාලයේ අසීමිත බොරු කිව්වා. බලාපොරොත්තු දුන්නා, විශේෂයෙන්ම තරුණ පරම්පරාවට. උපාධිධාරීන්ව ගෙයින් ගෙට යැව්වා රස්සා දෙනවා කියලා. ගොවි ජනතාවට බලාපොරොත්තු දුන්නා වී රුපියල් එකසිය පනහට ගන්නවා කියලා. ගම් මට්ටමෙන් ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා ගොවි ජනතාව රැවැට්ටුවා. රැකියා අලුතෙන් කර්මාන්ත ගේනවා කිව්වා, තියෙන කර්මාන්තත් වැහිලා. මේ තියෙන බදු ක්‍රමය ඇතුළේ තියෙන කිසිම රාජ්‍ය, පෞද්ගලික කර්මාන්ත ශාලාවකට, ගම්වල මේ තියෙන වියදමත් එක්ක කරගෙන යන්න අපහසුයි. හැබැයි මේවට යම් සාධාරණයක් ඉටු කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා ආණ්ඩුව ඒකට මැදිහත් නොවී මේ ප්‍රශ්න ජනතාව එළියට ඇවිල්ලා කතා කරනකොට ජනතාව මර්ධනය කරන්න ආණ්ඩුව දැන් පෙළඹීමක් අපිට පේනවා.
ඉතින් සමහර විට අර ඉස්සර තිබ්බේ ‘හොරගේ අම්මගෙන් පේන අහනවා’ කියලානේ, දැන් අහන්නේ හොරාගෙන්.

බුද්ධි අංශ වාර්තා දීපු කෙනා වැරදියි, වැඩ නොකරපු එකා හරියි. සංවිධානාත්මක අපරාධකරුවෝ සාක්ෂිකරුවන් වෙයි, නීතිඥවරු වැරදිකරුවන් වෙයි. දැන් යන න්‍යාය පත්‍රය අනුව සංවිධානාත්මක අපරාධකරුවෝ සාක්ෂිකරුවන් කරයි, නීතිඥවරු සහ අනෙක් අය වැරදිකරුවන් කරයි. ඉතින් ඒ තැනට මේ අය මේ මර්ධනය ව්‍යාප්ත කරන්න උත්සාහ කරනවා. මාධ්‍යවේදීන් ගත්තත් මේ හැම කෙනෙක්ම මර්ධනය කරන තැනට තමයි ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙන්නේ.

SendShareShare
Previous Post

සජිත් අහපු ප්‍රශ්නයට මුදල් නියෝජ්‍ය ඇමති කියනවා මිනිහෙක්ට දවසක් ජීවත් වෙන්න රුපියල් 550ක් ඇත් කියලා..! මුජිබර් කෑම වේලක ගණන් හිලව් එක්කම කියනවා..! නියෝජ්‍ය කතානායකතුමාටත් හිනා..! VIDEO I Sri Lanka Latest News

Next Post

ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා! විපක්ෂ නායක ආණ්ඩුවේ කතාවයි කෙරුවාවයි මතක් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා! විපක්ෂ නායක ආණ්ඩුවේ කතාවයි කෙරුවාවයි මතක් කරයි! I Sri Lanka Latest News

රිෂාඩ්ට-සාෆිට කළා වගේ මගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න වැලිකඩ හිරගෙදරට ගිහින් කුමන්ත්‍රණයක් කරලා! හිටපු ඇමැතිවරයෙක් සම්බන්ධයි! චෝදනා තියෙන අස්ලම් කියලා කෙනෙක් සම්බන්ධයි! පාස්කු ප්‍රහාරයේ චූදිතයාට අනිසි බලපෑම් කළා කියලා ඒ පැත්තෙනුත් උසාවියට කරුණු වාර්තා කරලා! පාර්ලිමේන්තුවේදී කිව්වා වගේම මුජිබර් CID එකට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News
Exclusive

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News

මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News

Exclusive

අමෙරිකන් නියෝජිතයන් ලංකාවට ඇවිත් අනුර එක්ක කතා කළේ මොනවද? ඉදිරිපත් කළ යෝජනා මොනවාද? අන්තිම තීන්දුව මොකද්ද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

දිලිත්ගෙ කොම්පැනියකට අනුරගෙ ආණ්ඩුවෙන් ටෙන්ඩර් එකක් දීලා! දැන් අපිත් දන්නේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති අනුරගේ කලිසම ඔළුවෙන් ගලවන්න බලන් ඉන්න දෙරණේ දිලිත් ජයවීර..! දැන් බලන්න ඉම්මු ඕක කොහොමද වෙන්නෙ කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News
Heart

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News

පියුමි ශ්‍රීනායක මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙලා. ඒ, ‘බෝල්ට් ඇණේ‘ ටෙලිනාට්‍යයේ ‘අමායා‘ හරහායි. ඒකාකාරී රාමුවලින් මිදී, ඕනෑම අභියෝගාත්මක චරිතයකට උපරිම...

Read more
මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා! විපක්ෂ නායක ආණ්ඩුවේ කතාවයි කෙරුවාවයි මතක් කරයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාව බලයට ඇවිත් කරපු වෙනස ගැන නාමල් ආණ්ඩුවට දාපු නෝන්ඩිය! I Sri Lanka Latest News

රිෂාඩ්ට-සාෆිට කළා වගේ මගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න වැලිකඩ හිරගෙදරට ගිහින් කුමන්ත්‍රණයක් කරලා! හිටපු ඇමැතිවරයෙක් සම්බන්ධයි! චෝදනා තියෙන අස්ලම් කියලා කෙනෙක් සම්බන්ධයි! පාස්කු ප්‍රහාරයේ චූදිතයාට අනිසි බලපෑම් කළා කියලා ඒ පැත්තෙනුත් උසාවියට කරුණු වාර්තා කරලා! පාර්ලිමේන්තුවේදී කිව්වා වගේම මුජිබර් CID එකට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අහපු ප්‍රශ්නයට මුදල් නියෝජ්‍ය ඇමති කියනවා මිනිහෙක්ට දවසක් ජීවත් වෙන්න රුපියල් 550ක් ඇත් කියලා..! මුජිබර් කෑම වේලක ගණන් හිලව් එක්කම කියනවා..! නියෝජ්‍ය කතානායකතුමාටත් හිනා..! VIDEO I Sri Lanka Latest News

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.