පළාත් පාලන මැතිවරණය සදහා තවත් අවුරුද්දක පමණ කාලයක් ලබා දිය හැකි වැනි කතාවක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පවසන බව සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
ආණ්ඩුව සමග ජවිපෙ මැතිවරණය කල් දමා ගැනීම සදහා ඩීල් එකක පසුවන බවත්, සත්‍ය වශයෙන්ම මැතිවරණය ලබා ගැනීම වෙනුවෙන් පෙනී සිටින්නේ සජබය පමණක් බවත් ඒ මහතා කියා සිටියේය.










