අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කරමින් විනිසුරුවන් පීඩාවට පත් කිරීමට විධායකය සූදානම් වන බවත්, අධිකරණය එක්ක සෙල්ලම් කිරීමට විධායකයට ඉඩ දිය නොහැකි බවත් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.
ADVERTISEMENT
මාතර නීතීඥ සංගමය හමුවේ සිය ධුරයෙන් නික්ම යමින් කළ කතාවේදී සාලිය පීරිස් මහතා මේ බව සදහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ විධායකය අධිකරණ තීන්දුවකට හිස නමන්නේ නැතිනම් සාමාන්‍ය ජනතාව අධිකරණ තීන්දුවලට ගරු කරනු ඇතැයි සිතන්නේ කෙසේද කියාය.