එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්විය යුතු බවට වූ ලිපියකට අස්සන් තැබීමට පක්ෂ නියෝජිතයන් කටයුතු කර ඇත.
අද (23) දින සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමකදී මෙම ලිපියට අස්සන් තැබීමට එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් කටයුතු කොට තිබේ.
ඒ අනුව නවීන් දිසානායක, අර්ජුණ රණතුංග, අකිල විරාජ් කාරියවසම් ඇතුලු පිරිසක් ඊට අස්සන් තැබීමට කටයුතු කොට ඇත.










