විදෙස්ගතව සිටින කුප්‍රකට ව්‍යාපාරිකයකු ආණ්ඩුවට බහුතර බලය ලබා දීම සදහා මේ වනවිට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව ආණ්ඩු පක්ෂයේ ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන්ට පවා දුරකතන ඇමතුම් ලබා දෙමින් සිටින බව වාර්තා වේ.
එහිදී විවිධ මුදල් ප්‍රමාණයන් ලබා දෙන බවට දැනුම් දී ඇති බවද දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට පැමිණිලි කර ඇති බවද දැනගන්නට ඇත.
මේ පිළිබදව අද දිනයේදී විපක්ෂනායවරයා විසින් හෙළිදරව්වක් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.
මේ ආකාරයට මන්ත්‍රී සේල් සල්පිල ආරම්භ වී ඇති බව අනුර කුමාර දිසානායක මහතාද, රාජිත සේනාරත්න මහතාද හෙළිදරව්වක් කළේය.