Uber Eats සමාගම මේ වනවිට අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කරන ප්‍රමුඛ පෙළේ අලෙවිසැල් සමග එක්වී කොළඹ දිස්ත්‍රික්කය තුළ එම භාණ්ඩ බෙදාහැරීම ආරම්භ කර ඇති බව පසුගියදා නිවේදනය කළේය. COVID-19 දෙවැනි රැල්ල හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණදී සිටින ජනතාව වෙනුවෙන් මෙම සේවාව ආරම්භ කර තිබේ.
එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩ ඇණවුම් කරන පුද්ගලයන්ට එම භාණ්ඩ එදිනම ගෙනැවිත් භාරදීම සඳහා Uber Eats ඩිලිවරි සේවාවට සම්බන්ධ වී සිටින පුද්ගලයන්ට ඇඳිරිනීති බලපත්‍ර ලබාදී ඇති අතර, ජනතාව නිවෙස්වලම රැඳී සිටින අතර සැපයුම් සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා Uber Eats සමාගම බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටී.
“විවිධ සැපයුම්කරුවන් සමග එක්වී Uber Eats සේවාව හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට කටයුතු කිරීම, COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සාහයට ලැබෙන අත්වැලක් වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. COVID-19 රෝගය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහ සෞඛ්‍ය සේවාවේ සාමාජික සාමාජිකාවන් දරන උත්සාහය හා කැපකිරීම අප අගය කළ යුතුයි. ඒ වගේම, මේ දුෂ්කර කාලපරිඡේදය තුළ ජනතාවට සුරක්ෂිතව සිටීමට අවස්ථාව උදාකර දෙමින්, ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් භාරදීම සඳහා කැපවී කටයුතු කරන අපගේ ඩිලිවරි සේවා හවුල්කරුවන්ටත් අපගේ ප්‍රශංසාව හිමිවනවා.” Uber Eats Sri Lanka මෙරට ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය පැවසුවාය.










