රුපියල් තිස් හතර ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් 03/08 සහ 03/09 දින අත්අඩංගුවට ගෙන තිබේ . Sri Lanka Latest News
මින් එක් අයෙකු මහනුවර , කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන්නෙකු වන අතර , මොහු 03/08 දින අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
අනෙක් පුද්ගලයා 03/09 දින අලුයම 01.10 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මහනුවර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කායවර්ධන උපදේශකවරයෙකි .
මොවුන් දෙදෙනා සිය ගමන් මලු තුළ සගවාගෙන, විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර් ” වර්ගයේ සහ ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 23,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 115 ක් සගවා ගෙන සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට මොවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර , එළඹෙන 03/12 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය .














